iPhone 14 මාදිලියේ වෙළඳපල මිල අඩු වීමට සාපේක්ෂව 1.5 ගුණයකින් Samsung Galaxy S23 මාදිලියේ වෙළඳපල මිල අඩුවී ඇති බව වාර්තා වේ

වෙළෙඳපොළට නිකුත් වෙන High End Premium Smart Phonesවල වටිනාකම අඩු විම පිළිබඳව සකස් කරන ලද නවතම වාර්තාව SellCell වෙබ් අඩවිය විසින් පසුගිය දිනක නිකුත් කර තිබෙනවා.

iPhone 14 මාදිලියේ වෙළඳපල මිල අඩු වීමට සාපේක්ෂව 1.5 ගුණයකින් Samsung Galaxy S23 මාදිලියේ වෙළඳපල මිල අඩුවී ඇති බව වාර්තා වේ

වර්තමානයේ ලොව නම් දරා සිටින Smart Phone නිෂ්පාදකයින් වෙන Apple, Samsung සහ Google සමාගම් විසින් පසුගිය සමයේ නිකුත් කළ ඔවුන්ගේ High End Premium Devices වෙන iPhone 14 Series එක, Galaxy S23 Series එක සහ Pixel 7 Series එක පිළිබඳව ඔබ දැනටමත් දන්නා අතරම සමහර විට මේ Devicesවලින් එකක් ඔබ භාවිත කරමිනුත් සිටිනවා විය හැකියි.

මෙම සමාගම් විසින් මෙලස සෑම වසරේදීම නිපදවනු ලබන High End Premium Devices එම සමාගම්වල හොදම Smart Phones වෙනවා මෙන්ම එම සමාගම්වල වැඩිම මිලෙන් යුතුව වෙළෙඳපොළට නිකුත් කරන Smart Phones ද වෙන්නේ මේ Devices කිහිපයයි. මෙලෙස වෙළෙඳපොළට නිකුත් වෙන මේ High End Premium Smart Phonesවල වටිනාකම අඩු විම පිළිබඳව සකස් කරන ලද නවතම වාර්තාව SellCell වෙබ් අඩවිය විසින් පසුගිය දිනක නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව iPhone 14 Series එකේ Smart Phone එකක් මිලදීගෙන පළමු මාසයකට පසුව එහි වටිනාකමින් 32.3%ක පමණ ප්‍රමාණයක් අඩු වි ඇති අතරම මාස දෙකකට පසුව 31%ක පමණ ප්‍රමාණයකින් වටිනාකම අඩු වි තිබෙනවා. එනම් iPhone 14 Series එකේ Smart Phone එකක් මාස දෙකකට පසුව නැවත අලෙවි කිරිමේ මිල දළ වශයෙන් මුල් වටිනාකමෙන් 70%ක පමණ ප්‍රමාණයක් වෙනවා.

Galaxy S23 Series එකේ Smart Phone එකක් මිලදීගෙන පළමු මාසයකට පසුව එහි වටිනාකමින් 41.1%ක පමණ ප්‍රමාණයක් අඩු වි ඇති අතරම මාස දෙකකට පසුව 43.3%ක පමණ ප්‍රමාණයකින් වටිනාකම අඩු වි තිබෙනවා. එනම් Galaxy S23 Series එකේ Smart Phone එකක් මාස දෙකකට පසුව නැවත අලෙවි කිරිමේ මිල දළ වශයෙන් මුල් වටිනාකමෙන් 56.7%ක පමණ ප්‍රමාණයක් වෙනවා.

එමෙන්ම Google Pixel 7 Series එකේ Smart Phone එකක් මිලදීගෙන පළමු මාසයකට පසුව එහි වටිනාකමින් 43.1%ක පමණ ප්‍රමාණයක් අඩු වි ඇති අතරම මාස දෙකකට පසුව 45.9%ක පමණ ප්‍රමාණයකින් වටිනාකම අඩු වි තිබෙනවා. එනම් Google Pixel 7 Series එකේ Smart Phone එකක් මාස දෙකකට පසුව නැවත අලෙවි කිරිමේ මිල දළ වශයෙන් මුල් වටිනාකමෙන් 54.1%ක පමණ ප්‍රමාණයක් වෙනවා.

මොවුන් නිකුත් කරන ලද මේ වාර්තාවට අනුව iPhone 13 Series එකේ, Galaxy S23 Series එකේ සහ Pixel 7 Series එකේ එක් එකේ Devicesවල මුල් මාසයට සහ මාස දෙකකට පසුව නැවත විකිණිමේ වෙළෙඳපොළ වටිනාකම පහත පරිදි වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි වාර්තාවන්ගේ දත්ත ඔස්සේ ජංගම දුරකථනවල මිල වෙනස් වීම පිළිබඳ නිවරැදිම තොරතුරු ලබා ගැනිමට අපහසු වෙන අතර එයට හේතුව වන්නේ වර්තමානයේ අප රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ වෙනත් ආර්ථිකමය හේතුයි.

Sources: sellcell.com bgr.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara