පවතින චිප් හිඟය හේතුවෙන් Samsung සමාගම Galaxy A මාදිලියේ දුරකතන නිපදවීමේ අර්බුදයකට ලක් වේ

පවතින චිප් හිඟය හේතුවෙන් Samsung සමාගම Galaxy A මාදිලියේ දුරකතන නිපදවීමේ අර්බුදයකට ලක් වේ

මේ වෙන විට ලොව පවතින සැම තාක්ෂණික සමාගමක් මෙන්ම ගෝලිය Chip හිගයකට මුහුණ දෙමින් සිටිනවා. මුලින්ම මොටර් රථ නිෂ්පාදකයින් මේ හේතුවෙන් බලපැමට ලක් වු අතර මේ වෙන විට පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සිදු කරන සමාගම් මේ සදහා මුහුණ දෙමින් සිටිනවා.

ලොව ප්‍රමුඛතම Smartphone නිෂ්පාදන සමාගමක් වෙන Samsung සමාගමත් මේ වෙන විට මේ ගෝලිය Chip හිගය නිසා දැඩි අර්බුදයකට ලක් වි සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව Samsung සමාගම විසින් මැතක දි නිකුත් කරන ලද Samsung Galaxy A Series එකේ Devices කිහිපයක් සදහා මේ ගෝලිය Chip හිගය බලපා තිබෙනවා. ඒ මේ Smartphones සදහා යොදා ගනු ලබන Qualcomm Snapdragon Processorsහි පවතින දැඩි හිගය නිසයි.

Galaxy A52, A52 5G & A72

මේ හිගය සදහා මුහුණ දි තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේදි පමණ A series එක යටතේ නිකුත් වුණ Samsung Galaxy A52, A52 5G හා A72 කියන Devices කිහිපයයි. මෙම Smartphones සියල්ල Qualcomm Snapdragon 720G හා Snapdragon 750G Processorsවලින් බලගැන්වෙන අතර මේවා 8nm Processors වෙනවා.

මේ හේතු නිසා මේ වෙන විට ශ්‍රී ලංකාව ඇතුලු ලොව සියලු රටවල වෙළඳපොල තුල Samsung Galaxy A52, A52 5G හා A72 Smartphonesවල හිගයක් පවතින අතර Qualcomm සමාගමේ CEO වෙන Cristiano Amon මහතා විසින් ප්‍රකාශ කර තිබුනේ මේ Chip හිගය මේ වසර අවසානය දක්වාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara