Samsung Quick Share පහසුකම Samsung නොවන වෙනත් පරිගණක සඳහාද ලබා දීමට කටයුතු කරයි

Samsung සමාගම විසින් Quick Share Windows යෙදවුම සඳහා නිකුත් කළ 1.4.40 Update එක ඔස්සේ Samsung නොවන ඕනෑම Desktop හෝ Laptop එකක් හරහා මෙය භාවිතා කළ හැකි ලෙස සංවර්ධනය කොට තිබෙනවා.

Samsung Quick Share පහසුකම Samsung නොවන වෙනත් පරිගණක සඳහාද ලබා දීමට කටයුතු කරයි

2021 අප්‍රේල් මාසයේදී Samsung සමාගම විසින් Windows සඳහා සිය Quick Share යෙදවුම නිකුත් කළා. එය තුළින් PC එක හා Smartphone එක හරහා ඕනෑම ගොනුවක් Wirelessly Share කරගත හැකිවූවා. කෙසේ නමුත් එය භාවිතා කිරීමට හැකි වූයේ Samsung Laptops තුළ පමණයි.

මේ සඳහා විසඳුමක් ලෙසින් Samsung සමාගම විසින් Quick Share Windows යෙදවුම සඳහා නිකුත් කළ 1.4.40 Update එක ඔස්සේ Samsung නොවන ඕනෑම Desktop හෝ Laptop එකක් හරහා මෙය භාවිතා කළ හැකි බව එහි Update Log එක තුළ ඔවුන් විසින් සඳහන් කොට තිබෙනවා.

Get Quick Share from the Microsoft Store
Use Quick Share to quickly and easily share various kinds of content including photos, videos and documents with others. Support specifications • OS: Windows 10 2004 (build number 19041) version or higher • Bluetooth driver: (Intel) 22.50.02 version or higher • Wi-Fi driver: (Intel) 22.50.07 v…

මෙහි දක්වා ඇති පරිදි මෙය භාවිතා කළ හැකිවන්නේ Intel Bluetooth Driver එක 22.50.02 හෝ ඊට වැඩි Version එකක් සහ Intel Wi-Fi Driver එක 2.50.07 හෝ ඊට වැඩි Version එකක් සහිත Windows පරිගණක සඳහා පමණි. ඔබට MediaTek වැනි වෙනත් වර්ගයක NIC (Network Interface Card) එකක් තිබෙනවා නම් මෙය භාවිතා කළ නොහැකි වනවා.

Source: sammobile.comCover Image: samlover.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara