ඉදිරි වසර 4 ඇතුලතදී Samsung සමාගම විසින් මිනිස් ඇසට සමාන 576MP කැමරා සෙන්සර් එකක් එලිදැක්වීමට සූදානම් වේ

ඉදිරි වසර 4 ඇතුලතදී Samsung සමාගම විසින් මිනිස් ඇසට සමාන 576MP කැමරා සෙන්සර් එකක් එලිදැක්වීමට සූදානම් වේ

දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයා වෙන Samsung සමාගම විසින් ඔවුන්ගේ Camera Sensors වැඩිදියුණු කිරිම පිළිබඳ මේ වෙන විටත් කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව පසුගිය සතියේදි ඔවුන් විසින් ලොව ප්‍රථම 200MP Smart Phone Camera Sensor එක ලෙස Samsung ISOCELL HP1 Sensor එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

Samsung සමාගම විසින් මේ වන 600MP පමණ වු Camera Sensor එකක් පිළිබඳ කටයුතු කරමින් සිටින බව ඔවුන් විසින් නිල වශයෙන් වාර්තා කර තිබෙනවා. ඒ SEMI යුරෝපා සමුළුවේදි Samsung Electronics සමාගමේ Automotive Sensor අංශයේ Senior Vice Presiden වෙන Haechang Lee මහතා විසිනුයි. තම සමාගම විසින් 2025 වසර පමණ වෙන විට 576MP පමණ වු Camera Sensor එකක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් දක්වා සිටියා.

කෙසේ වෙතත් 2025 වර්ෂයේදි එළිදැක්වීමට නියමිත මේ 576MP වු Camera Sensor එක Smart Phone සදහා නොවන අතර මෙය මෝටර් සදහා යොදා ගැනිමට බලාපොරොත්තු වෙන බව බලාපොරොත්තු වෙන්න පුළුවන්. එමෙන්ම මෙය ඩ්‍රෝන් යානා වැනි කැමරා උපාංග සහ වෛද්‍ය උපකරණවලටත් භාවිත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වුවත් මෙය Smart Phone සදහා භාවිතයට ගැනිම Samsung සමාගම විසින් සිදු නොකරනු ඇත.

ඒ අනුව ඉදිරියේ දි එළිදැක්වීමට නියමිත මේ මිනිස් ඇසේ මෙගාපික්සල් ගණනට සමාන 576MP Camera Sensor එක ඔස්සේ Camera Sensor ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara