Galaxy S24 Series එක එළිදැක්වෙන දිනය නිලවශයෙන් නිවේදනය කරයි

බොහෝ දෙනා බලා සිටි Galaxy S24 Ultra ඇතුළු S24 Series එක එළිදැක්වෙන දිනය Samsung සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

Galaxy S24 Series එක එළිදැක්වෙන දිනය නිලවශයෙන් නිවේදනය කරයි

බොහෝ දෙනා බලා සිටි Galaxy S24 Ultra ඇතුළු S24 Series එක එළිදැක්වෙන දිනය Samsung සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

සමාජ මාධ්‍ය ගිණුම් තුල Galaxy Unpacked 2024 Event එකෙහි Teaser එක පළ කරමින් ඔවුන් නිවේදනය කොට තිබෙන්නේ ජනවාරි මස 17වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11:30ට මෙම Event එක ආරම්භ වන බවයි.

මෙම Event එකෙහි Tagline එක ලෙසින් සඳහන් කොට තිබෙන්නේ Samsung AI is Coming ලෙසි​නි. මෙයින් අපට බලාපොරොත්තු විය හැක්කේ Galaxy S24 Series එක සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතා කොට විශාල වෙනසක් සිදු කිරීමට ඔවුන් සූදානම් වන බවයි.

මෙම Galaxy Unpacked 2024 Event එක Samsung.com වෙබ් අඩවිය සහ Samsung YouTube Channel එක ඔස්සේ සජීවීව නැරඹිය හැකිවනවා.


Galaxy S24 Series එක පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.

Source: samsung.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna