Apple අඩිපාරේ යමින් Samsung සමාගමත් chargers ලබා නොදීමේ සූදානමක්

Apple අඩිපාරේ යමින් Samsung සමාගමත් chargers ලබා නොදීමේ සූදානමක්

මෑතකදී පල වුනු වාර්තා වලට අනුව අපි දැනුවත් වුනු දෙයක් තමා Apple ලා iPhone 12 box එකට charger එකක් include කරන්නේ නෑ කියන දේ. ඉතින් දැන් අපිට පෙනී යන විදිහට Samsung ලත් ඒ වගේ පියවරක් අනුගමනය කරන්න යනව කියලයි.

පල වෙන වාර්තා වලට අනුව Samsung ලා මේ step එක consider කරන්නේ ලබන වසරේ ඉදන් කියලයි කියවෙන්නේ. ඉතින් මේ ආකරයට පෙනී යන්නේ ඊලඟ Galaxy S series flagship එකේ box එකත් සමහර විට charger එකක් include කරන්නේ නැති වෙන්න පුලුවන්. එහෙත් කෙසේවෙතත් මේ reports වල පලවෙන ආකාරයට මේ වෙනස සිද්ද වෙන්නෙ ලබන වසරෙ ඉදන් නිසා Note 20 line up එකේ වෙනසක් සිද්ද වෙන්නෙ නැති වේවි.

ඉතින් මේකට හේතුව විදිහට Samsung ලට දක්වන්න තියෙන්නේ Apple ලා දක්වපු හේතුවම තමා. ඔවුන් පවසන ආකාරයට වාර්ෂිකව විශාල ප්‍රමාණයක් devices ship කිරීම හේතුවෙන් මේ විදිහට charger එක device box එකෙන් ඉවත් කිරීමෙන් විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ නිසා company එකට හැකියාව ලැබෙනවා අවශ්‍ය නම් ඔවුන්ගේ devices වලට aggressive prices set කරන්න. Electronic waste ගැන උනත් සැලකිල්ලක් දක්වද්දි මේ තුලින් හැකියාව ලැබෙනවා e-waste generation එක අඩු කරන්න.

පැහැදිලිව ම Samsung ලා දිගටම fast chargers, wireless chargers sell කරන එක එකදිගටම කරගෙන යනවා. ඒකෙ වෙනසක් වෙන්නේ නෑ.

ඉතින් අද වෙද්දි හැම device එකකට ම USB C connectors තියෙන නිසා බොහෝ consumers ලා ප්‍රමාණයක් ගාව කලින් use කරපු devices වල chargers තියෙනවා. ඒ හේතුවෙන් charger එකක් box එක එක්ක ආවෙ නැතත් charge කරගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වීම අඩුයි. ඒ පැත්තෙන් බැලුවම පරිසරයට වෙන හානියත් අඩුයි කියල හිතන්න පුලුවන්.

ඒ විදිහට සිදු වුවත් සමාගම් දෙකටම මේක ලොකු step එකක්. බොහෝවිට මේ වෙනස පළමුවෙනියට ම Apple හරහා දැකගන්න පුලුවන් වෙයි කියල හිතනවා මොකද ඔවුන් confirm කොට තිබෙනවා iPhone 12 box එකේ charger එකක් include වෙන්නේ නෑ කියලා. කොහොමත් Samsung ලා ඊලඟ අවුරුද්දට මේ පියවර ගන්නවනේ. ඉතින් මෙතනදි කියන්න මාරුම දේ තමා consumer ට cost benefit එකක් වේවිද එහෙමත් නැතිනම් මේ companies වල profits තවත් thicken වේවිද කියන දේ.

ඉතින් මේ ගැන ඔයාටත් විවිධ අදහස් ඇති. ඒක comment එකක් කියන්නත් අමතක කරන්න එපා.

Source: Sammobile

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara