OneUI 6 සමඟින් Android Seamless updates; Samsung වලටත් වෙලාවට updates

OneUI 6 සමඟින් Android Seamless updates; Samsung වලටත් වෙලාවට updates

Smart Phones ගැන උනන්දුවක් දක්වන ඔබ මේ Smart Phones සදහා ලැබෙන Seamless Updates නම් Feature එක පිළිබඳව අසා ඇති බව නිසකයි. ඒ වගේම ඔබට මතක ඇති මීට පෙර අප විසින් මොකක්ද මේ Seamless Updates කියන්නේ වගේම මේ පහසුකම ලබා දුන් Xiaomi Devices පිළිබඳවත් ලිපියක් ගෙන ආවා. මේ Seamless Updates පහසුකම 2016 වසරේදී මුල් වරට Pixel Devices සදහා ලබා දෙනු ලැබුවා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසිනුත් ඔවුන්ගේ Smart Phones සදහා Seamless Updates පහසුකම ලබා දිමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්. මේ ඔස්සේ වර්තමානයේ මෙන් ඔබගේ Smart Phone එක Update වීමක් සිදු වන විට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම Update එක සිදු වී අවසන් වු පසු Restart කිරීමක් සිදු කිරිම තුළින් Update එක සම්පූර්ණ කිරිමේ හැකියාව මේ තුලින් ලැබෙනවා.

ඒ අනුව මීලග වස⁣රේදී Samsung Smart Phones සදහා නිකුත් කිරිමට නියමිත OneUI 6 සමග මේ පහසුකමත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ වෙතත් Google සමාගම විසින් Android 13 සමග නිකුත් වන සෑම Smart Phone එකක් සදහාම මේ Seamless Updates පහසුකම තිබිම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර ඇති බැවින් OneUI 6 නිකුත් වීමට පෙර එළිදැක්වෙන Galaxy S23 Series එක මේ පහසුකම සමගින් නිකුත් වනු ඇතැයි ද වාර්තා වනවා.

Sources: www.gsmarena.com www.androidauthority.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara