Samsung සමාගම විසින් නව Wearable Device එකක් හඳුන්වාදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි

Samsung සමාගම විසින් ඔවුන්ගේ Smart Wearable ලැයිස්තුව සඳහා තවත් නවතම Wearable Device එකක් නුදුරේදීම එකතු කිරීමට සුදානම් වන බවට නිල නොවන ආකාරයෙන් මේ වන විට තොරතුරු වාර්තා වනවා.

Galaxy Ring නමින් හඳුන්වනු ඇති මෙය සාමාන්‍ය ඇගිල්ලේ පළදින මුදුවක් වැනි Smart Wearable Device එකක් වනු ලබනවා. Galaxy Watches මෙන්ම මේ Ring එක තුළ ECG සහ PPG Sensors අඩංගු වනු ඇති අතර මේ ඔස්සේ ශරිර උෂ්ණත්වය සහ හෘද ස්පන්දන වේගය ආදිය පිළිබඳව දත්ත ලබා ගත හැකි වනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව මේ වන විටත් මෙහි සංවර්ධන කටයුතු Samsung සමාගම විසින් අවසන් කර තිබෙන අතර එළඹෙන මාසයේදී පමණ මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත වන බව දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් මෙහි Mass Production එනම්, වෙළෙඳපොළ සඳහා හඳුන්වා දීමට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමක් පිළිබඳව තවමත් කිසිදු නිල තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

අන්තර්ජාලය තුළ වාර්තා වන නිල නොවන තොරතුරුවලට අනුව බොහෝ විට මිලග වසරේදී මෙම Galaxy Ring එක වෙළෙඳපොළ සඳහා එළිදැක්වීමට ඉඩකඩ තිබෙන බව දක්වන්න පුලුවන්.

කෙසේ නමුත් මේ පිළිබඳව කිසිදු තොරතුරක් Samsung සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කල නොමැති අතර මේ පිළිබඳව ඉදිරියේදීත් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.

Source: gsmarena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna