Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 එළිදැක්වීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් මීට පෙර නිවේදනය කර තිබුණ ආකාරයටම පසුගියදා (ජුලි 10) ඔවුන්ගේ නවතම Samsung Galaxy නිෂ්පාදන එළිදැක්වීමේ Galaxy Unpacked Event එක පැවැත් වුවා.

මෙහිදී ඔවුන් විසින් නවතම Galaxy Z Fold, Galaxy Z Flip, Galaxy Watches, Galaxy Buds සහ බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි Galaxy Ring එකත් නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කරා. මේ විදිහට එළිදැක්වුණ ඔවුන්ගේ Foldable Smart Phones Series එකේ නවතම සාමාජිකයන් වන Galaxy Z Fold 6 හා Galaxy Z Flip 6 Smart Phones ගැන දැන් අපි බලමු.

Galaxy Z Fold 6

Samsung සමාගම විසින් එළිදැක්වන ලද ඔවුන්ගේ නවතම Galaxy Z Fold Series Device එක ලෙස මෙය හදුන්වා දිය හැකි අතර මේ සමඟින් වසර 07ක් දක්වා OS Update ලැබෙන අතරම මෙහි Display එකත් පෙරට වඩා ප්‍රමාණයෙන් විශාල (පළල්) කර තිබෙනවා.

පසුගිය වසර නිකුත් වු Galaxy Fold 5 Device එකට වඩා ප්‍රමාණයෙන් සිහින්ව වැඩි දියුණු කළ Armor Aluminum Frame සමඟින් නිමවා ඇති මෙහි බරද Galaxy Fold 5 Device එකට වඩා 06%කින් පමණ අඩු කිරීමට Samsung සමාගම සමත්වී තිබෙනවා (239g). පිටත Display එක සඳහා අගල් 6.3ක Display එකකුත්, ඇතුළත Display එක සඳහා අගල් 7.6ක QXGA+ Dynamic AMOLED 2X Display එකකුත් මොවුන් ලබා දී තිබෙනවා. එමෙන්ම 2,600 nits දක්වා වු උපරිම Brightness ප්‍රමාණයකුත් මෙහි Display එකෙන් ලබා ගත හැකි වන අතර Display සඳහා Gorilla® Glass Victus® 2 Glass භාවිත කර තිබෙනවා.

Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Gen 3 Chipset එකෙන් බලගැන්වෙන මේ Device එක සඳහා 12GB RAM ධාරිතාවක් ලබා දී ඇති අතර 256GB, 512GB සහ 1TB Storage ප්‍රමාණයන්ගෙන් යුතුව Silver Shadow, Pink සහ Navy යන වර්ණවලින් මිලදී ගැනිමේ හැකියාව පවතිනවා.

Galaxy Fold 5 Device එක සතුවු Camera Setup එකම ලබා දී ඇති අතර මෙය මොවුන්ගේ ProVisual Engine එකෙන් බලගැන්වෙනවා. පිළිවෙළින් 50MP Primary Camera Lens එක, 12MP Ultra-wide Camera Lens එක සහ 10MP 3x telephoto Camera Lens එක දක්වන්න පුලුවන්. ඉදිරිපස තිරය සඳහා 10MP Selfie Camera Lens එකකුත්, ඇතුළත ප්‍රධාන තිරය සඳහා 4MP Under-display Camera Lens එකකුත් ලබා දී තිබෙනවා. එමෙන්ම මෙහි Aluminum Frame එක, Fingerprint Sensor එක සහ Battery Capacity (4,400 mAh) අදිය මීට පෙර නිකුත් වු Galaxy Fold 5 Device එකේ අයුරිම වනවා. එමෙන්ම මෙවර මේ සඳහා IP48 rating එක ලබා දී තිබෙනවා.

Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy S24 series එක සඳහා ලබා දුන් Galaxy AI features සියල්ලම පාහේ මේ සඳහාත් ලැබෙන අතර එවට අමතරව විශේෂයෙන්ම මෙවර Foldable Devicesවල ඉදිරිපස තිරයේ Translations පෙන්විය හැකි වීමයි. සුපුරුදු පරිදිම S Pen අත්දැකීමත් ලබා ගත හැකි වන අතර ඒ සඳහාත් නව AI Features ලබා දෙන්න Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

ඩොලර් 1,899ක මිලකට මිලදී ගත හැකි මේ Galaxy Z Fold 6 Device එක Android 14 සංස්කරණය මත පදනම් වු One UI 6.1 සමඟින් ලබා ගන්න පුලුවන්.

Galaxy Z Flip 4

පසුගිය වසර නිකුත් වුණ Galaxy Flip 5 Device එක සමඟ සැසදීමේ දී මෙහි Battery, පිටත තිරය සහ Camera Setup එක සඳහා වැඩි දියුණු කිරීම් ලබා දෙන්න Samsung සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

Armour Aluminum Frame එකකින් සමන්විත මෙහි පිටත තිරය සඳහා අගල් 3.3ක 60Hz AMOLED Display එකක් ලබා දී ඇති අතර ඇතුළත තිරය සඳහා ලබා දී තිබෙන්නේ අගල් 6.7ක 120Hz FHD+ AMOLED Display එකකුයි. එමෙන්ම Display සඳහා Gorilla® Glass Victus® 2 Glass භාවිත කර තිබෙනවා.

සුපුරුදු පරිදිම Dual Camera Setup එකක් ලබා දී තිබෙන අතර මේ සඳහා Galaxy S24 Series එකේ Camera Technology එකම ලබා දී ඇති බවත් මොවුන් දක්වා තිබෙනවා. ඒ අනුව Primary Camera Lens එක සඳහා 50MP Camera Lens එකක් ලබා දී ඇති අතර මීට අමතරව සුපුරුදු පරිදිම 12MP Ultra Wide Lens එක ලබා දී තිබෙනවා. එමෙන්ම Samsung සමාගම විසින් මේ Camera Setup එක සඳහා FlexCam සහ AutoZoom පහසුකම් ද ලබා දී තිබෙනවා.

Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Gen 3 Chipset එකෙන් බලගැන්වෙන මේ Device එක සඳහා 12GB RAM ධාරිතාවක් ලබා දී ඇති අතර 512GB සහ 1TB Storage ප්‍රමාණයන්ගෙන් යුතුව Yellow, Silver Shadow, Mint, Blue, Black, White සහ Peach යන වර්ණවලින් මිලදී ගැනිමේ හැකියාව පවතිනවා

එමෙන්ම Fingerprint Sensor එක මීට පෙර නිකුත් වු Galaxy Fold 5 Device එකේ අයුරිම වන අතර 08%කින් පමණ Battery Capacity (4,000 mAh) එක වැඩි කර තිබෙනවා. එමෙන්ම මෙවර මේ සඳහා IP48 rating එක ලබා දී තිබෙනවා.

ඩොලර් 1,099කට මිලකට මිලදී ගත හැකි මේ Galaxy Z Fold 6 Device එක Android 14 සංස්කරණය මත පදනම් වු One UI 6.1 සමඟින් ලබා ගන්න පුලුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara