Samsung Galaxy Z Fold 4හි specifications නිල නොවන අයුරින් අන්තර්ජාලය​ට

Samsung Galaxy Z Fold 4හි specifications නිල නොවන අයුරින් අන්තර්ජාලය​ට

Samsung සමාගමේ මීලග Foldable Device එක ලෙස  Samsung Galaxy Z Fold 4 හදුන්වා දීමට ඔවුන් විසින් සුදානමින් සිටිනවා. මෙය දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතින අතර එය අගෝස්තු මාසයේදී එළිදැක්විමට Samsung සමාගම බලාපොරොත්තු වනවා. දැනටමත් මෙහි Design එක සහ Specifications පිළිබඳ  මූලික තොරතුරු Yogesh Brar විසින් නිල නොවන අයුරින් නිකුත් කර තිබෙනවා.

Yogesh Brarගේ තොරතුරු වලට අනුව, දැනට පවතින Galaxy Z Fold 3 හි අගල් 7.6ක QXGA+ AMOLED Inner display එකට සමාන display එකක් Galaxy Z Fold 4 සඳහා ලබා දීමට නියමිත වෙනවා. නමුත්, මෑත කාලීනව නිකුත් වූ තොරතුරු වලට අනුව පෙනෙන්නේ එය පෙරට වඩා හොඳ Aspect Ratio එකකින් හා 120Hz Refresh Rate එකකින් සමන්විත අඟල් 6.2 HD+ AMOLED එකක් වෙන බවයි.

Samsung Galaxy Z Fold4 inner display aspect ratio

Qualcomm සමාගමේ නවතම Snapdragon 8+ Chipset එක යොදා ගනු ලබන Galaxy Z Fold 4 Device එක Snapdragon 8 Gen 1 Chipset එකට සාපේක්ෂව 30%ක් දක්වා බැටරි කාර්යක්ෂමතාවයකින් යුක්ත වනවා. Chipset එකේ වර්ගය , 12GB හා 16GB ලෙස Ram ධාරිතාවය සහ 256GB හා 512GB ලෙස Storage ප්‍රමාණයන්ගෙන්ද Galaxy Z Fold 4මිලදී ගත හැකි වනු ඇත .

පිටුපස Camera Setup එක 12MP ultra-wide lens එකකින් ද, 3x Zoom 12MP Telephoto Lens එකක්ද, Main Camera එක ලෙස 50MP Primary Sensor එකකින්ද Galaxy Z Fold 4 device එක සමන්විත වනවා. තවද Selfie Camera එක Under Display වෙන අතර, එය 16MP Sensor එකක් වනවා. 25W Fast Charging පහසුකම සමගින් 4,400mAh ධාරිතාවකින් යුත් බැටරියකින් ද සමන්විත මෙම Device එක Android 12 මත පදනම් වූ One UI නවතම සංස්කරණය සමගින් බලගැන්වෙනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara