Samsung Galaxy S24 Ultra දුරකථන කිහිපයක Green Line Issue එකක් වාර්තා වෙයි

Redditහි අලුතින් මිලදී ගත් Galaxy S24 Devices වල Display එකෙහි ගැටලුවක් ඇති බව පරිශීලකයින් කිහිපදෙනෙකු පිරිසක් විසින් වාර්තා කර තිබෙනවා.

Samsung Galaxy S24 Ultra දුරකථන කිහිපයක Green Line Issue එකක් වාර්තා වෙයි

Redditහි අලුතින් මිලදී ගත් Galaxy S24 Devices වල Display එකෙහි ගැටලුවක් ඇති බව පරිශීලකයින් කිහිපදෙනෙකු පිරිසක් විසින් වාර්තා කර තිබෙනවා. ඒ ඇතැම් Devices Display වල Green Line එකක් සහ තවත් Devices වල Green and White Lines 2ක් පැමිණීමයි.

Source: reddit

මෙම ගැටලුව පැන නැගුණු පරිශීලකයන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, Troubleshoot කිරීමක් හෝ Factory Reset කිරීමක් සිදු කළ ද මෙය ඔවුන්ට ඉවත් කරගත නොහැකි වූ බවයි. එක් පරිශීලකයෙකු විසින් මෙය දුරකථන මිලදී ගෙන ප්‍රථම වරට ON කළදා සිට දිනක් 6ක් පමණ ගතවූ විට මෙම ගැටලුව පැමිණෙන බව වාර්තා කොට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් සමාගමෙන් ආපසු මුදල් ලබා ගැනීමක් හෝ මෙය වෙනුවට වෙනත් Device එකක් Request කළද මේ සඳහා ඔවුන්ට වාසිදායක පිළිතුරක් ලැබී නැහැ.


බොහෝමයක් දෙනා විසින් පවසන්නේ මෙය Software සම්බන්ධ ගැටලුවක් වන අතර ඉදිරි Updates මඟින් මෙය විසඳිය හැකි බවයි. කෙසේ වෙතත් Galaxy S24 Ultra Device එක පිළිබඳව පාරිභෝගික විශ්වාසය රඳා ගත යුතු නම්, Samsung සමාගම කඩිනමින් මේ සඳහා විසඳුමක් ලබා දිය යුතුම වනවා.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: gizchina.com www.phonearena.com us.community.samsung.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna