මෙගා පික්සල් 200ක කැමරාවක් සමඟින් රජකරන්න සැ​රසෙන Samsung Galaxy S23 Ultra

මෙගා පික්සල් 200ක කැමරාවක් සමඟින් රජකරන්න සැ​රසෙන Samsung Galaxy S23 Ultra

Samsung සමාගමේ මීලග S Series ජංගම දුරකථනය ලෙස Samsung Galaxy S23 හා Samsung Galaxy S23 Ultra යන දුරකථන ඉදිරි වසරේදී නිකුත් වීමට නියමිතයි. එහිදී Samsung Galaxy S23 Ultra smartphone එක 200MP ක දැවැන්ත Camera Setup එකකින් සමන්විත වන බව බොහෝ වාර්තාවලින් හෙළි වී තිබෙනවා.

Galaxy Club වෙබ් අඩවියෙහී පළවූ වාර්තාවකට අනුව Galaxy S23 Ultra හි 200MP Camera Setup එක ස්ථිර වශයෙන්ම පැමිණෙනු ඇතැයි නිල වශයෙන් දක්වා තිබෙනවා. මෙය Galaxy S22 Ultra සමග සැසදීමේදී Design එකෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙන නමුත් Camera Setup එකේ විශාල වැඩි දියුණු වීමක් සිදුවනු ඇති බවයි විශ්ලේෂකයන්ගේ මතය වන්නේ.

කෙසේ වෙතත් ඉහල Pixel ප්‍රමාණයක් තිබු පමණින් හොද තත්වයේ Photos Capture කරගැනීමට හැකි නොවන නමුත් එම Pixel ප්‍රමාණය සමගින් Details ඇතුළුව High Resolution Images Capture කර ගැනීමට Galaxy S23 Ultra එකේ 200MP Sensor එකෙන් හැකි වනවා. මෙම වසරේ නිකුත් වූ Galaxy S22 Ultra හී Camera Setup එක ද හොදම Camera Setup වලින් එකක් වූ හෙයින් S23 Ultra හී Camera Setup එකද විශිෂ්ට අත්දැකීමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කල හැකියි.

S23 Ultra හී Camera Setup එක ගත් විට එය 10X Zoom සමගින් 10MP Periscopic Telephoto Lens එකකින් ද, 3X Optical Zoom ලබාදෙන 10MP Telephoto Module එකකින් ද යුක්ත වනවා. කෙසේ වෙතත් මෙහි Ultra-wide Camera Lense පිළිබදව කිසිදු වාර්තාවක් මේ වනවිට ලැබී නැති වනවා.

Sources: Gizmochina Galaxy Club

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara