නවතා දැමීමට සුදානම් වු Galaxy Fan Edition නැවතත් ?

නැවතත් Samsung සමාගම විසින් Galaxy S23 FE ලෙසින් Fan Edition Smartphone එකක් එළිදැක්වීම සඳහා සුදානම් වන බවටත් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

නවතා දැමීමට සුදානම් වු Galaxy Fan Edition නැවතත් ?

Samsung සමාගම විසින් ඔවුන්ගේ Fansලා වෙනුවෙන් නිර්මාණය කරන Smartphone Series එකක් ලෙස Galaxy Note 7 FE Smartphone එකත් සමඟ හඳුන්වා දුන් Fan Edition එක 2020 වසරේදී ඔවුන්ගේ Galaxy S20 FE Smartphone එකත් සමඟින් නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. ඒ අනුව Galaxy S20 FE, S21 FE ලෙසින් 2022 වසර දක්වා ඔවුන්ගේ Fan Edition Devices නිකුත් කිරීම සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ නිකුත් වීමට නියමිතව තිබු Galaxy S22 FE Smartphone එක නිකුත් නොවු අතර මේ Fan Editor Smartphone Series එක Samsung සමාගම විසින් නවතා දැමීමට සුදානම් වන බවටත් ඒ දිනවල තොරතුරු වාර්තා වුවා.

කෙසේ වෙතත් මේ වන විට නැවතත් Samsung සමාගම විසින් Galaxy S23 FE ලෙසින් Fan Edition Smartphone එකක් එළිදැක්වීම සඳහා සුදානම් වන බවටත් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මේ අතරම Samsung සමාගම විසින් ඔක්තොම්බර් 04 වන දින ඔවුන්ගේ The New Epic ලෙසින් Launching Event එකක් පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එයට අනුවත් බොහෝ දෙනා මත පළ කරනු ලබන්නේ නැවත Samsung සමාගම විසින් ඔවුන්ගේ Fan Edition එක හඳුන්වා දීමට සුදානමින් සිටින බවයි.

Image Source - Samsung India

එයට අනුව මොවුන් විසින් මේ Event එක ඔස්සේ Galaxy S23 FE, Galaxy Tab S9 FE සහ Galaxy Buds FE ලෙසින් Devices තුනත් හඳුන්වා දීමට සුදානම් බව දක්වන්න පුලුවන්. මින් Galaxy Tab S9 FE හඳුන්වා දීම ඔවුන්ගේ X ගිණුම හරහාද නිල වශයෙන් ප්‍රකාශයට පත් තර තිබෙනවා. නමුත් Galaxy S23 FE Smartphone එක නිකුත් වේද යන්න පිළිබඳව තවමත් කිසිදු නිල ප්‍රකාශයක් ඔවුන් නිවේදනය කර නොමැති වනවා.

මෙලෙස Samsung සමාගම විසින් ඔවුන්ගේ මේ FE Series එක නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ ද Google සමාගමේ නවතම Pixel Series එක වන Pixel 8 Series එක එළිදක්වන දින වීමත් විශේෂයක් වනවා.

Source: X.com Androidauthority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara