Samsung Galaxy S21 FE ජංගම දුරකතනය ලබන සතියේදී එළිදැක්වීමට කටයුතු සූදානම් කරයි

Samsung Galaxy S21 FE ජංගම දුරකතනය ලබන සතියේදී එළිදැක්වීමට කටයුතු සූදානම් කරයි

2020 වසරේදී Samsung සමාගම විසින් S20 ජංගම දුරකථන මාලාවෙහි FE මාදිලියක් නිකුත් කළ අතර මේ වන විට S21 Series එකෙහිද FE මාදිලිය නිකුත් කිරීමට සූදානමින් සිටිනවා.

එහිදී FE Model එක යටතේ Samsung පාරිභෝගිකයින්ට Flagship මට්ටමේ ජංගම දුරකථනයක් යම් අඩු මුදලකට මිළදීගත හැකි වෙනවා. FE යනු "Fan Edition" යන්නයි. මේ වන විටත් මෙම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු සියල්ලම පාහේ අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර දැන් Samsung Galaxy S21 FE නිළ වශයෙන් නිකුත් කරන දිනයද අනාවරණය වී තිබේ.

ඒ අනූව බොහෝ විට ලබන සැප්තැම්බර් 8 වන දින හෝ ඔක්තෝම්බර් මස 29 දින මෙය වෙළඳපොළට නිකුත් කරනු ඇත. එමෙන්ම මෙම ජංගම දුරකථනය නිළ වශයෙන් නිකුත් කිරීම ළඟදීම සිදුවන බව අඟවමින් Samsung සමාගමද නිළ Posters ආදිය නිකුත් කර අවසන්.

Samsung Galaxy S21 FE සඳහා 1080 x 2400 Resolution සමගින් HDR10+ සහය දක්වන 6.4-inch Super AMOLED Screen එකක් භාවිත වෙනවා. මීට පෙර නිකුත් වු S20 FE සඳහා යොදාගනු ලැබුවේ Snapdragon 865 චිපයයි. Samsung Galaxy S21 FE සඳහා බොහෝ විට Snapdragon 888 හෝ ඔවුන්ගේම Exynos 2100 චිපය භාවිත කරනු ඇත.

Camera Department එක වෙත අවදානය යොමු කරන විට මෙයට යොදාගනු ලබන්නේ Triple Rear Camera Setup එකකි. ඒ අනූව මෙයට 12MP Wide-Angle Sensor + 12MP Ultra-Wide-Angle + 8MP Telephoto Lens එකක් ඇතුලත් වනු ඇත. 32MP Front Cam එකක් සමගින් පසුපස කැමරා පද්ධතියට Triple Zoom Shooting පහසුකමද මෙයට එක්වේ. මීට අමතරව Built-In 4500 mAh Battery එකක්, 25W Fast Charging තාක්ෂණයද S21 FE සඳහා අන්තර්ගත වේ. තවද මෙය IP68 සහතිකය ලද ජංගම දුරකථනයකි.

Source: GizChina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara