යාලුවට ආපු Update එක ඔයාට ආවේ නැද්ද? එහෙනම් අනිවාරෙන් කියවලා බලන්න

යාලුවට ආපු Update එක ඔයාට ආවේ නැද්ද? එහෙනම් අනිවාරෙන් කියවලා බලන්න

Samsung Galaxy CSC Codes

බොහෝ දෙනෙක් Software Updtes පිලිබදව නොයෙකුත් ප්‍රශ්න අහන නිසාම හැමෝටම වගේ පොදුවේ දැන ගන්න ඕන අවශ්‍යම කරුනක් ගැන පොඩි Post එකක් අරන් ආවා. Software Updates පැමිනීමේදි දැනගත යුතුම Side එකක් ගැන තමා අද මේ කතා කරන්න යන්නේ.

මුලින්ම කියන්නම් අපි හැමෝම වගේ පාවිච්චි කරන Phone එකට අදාලව CSC Code එකක් තියෙනවා Country Specific Code එකක්. අපිට Updates ලැබෙන්නේ මේන්න මේ කියන Code එකට අදාලව තිබෙන රට අනුව. Update එකක් Roll Out කරපු සැනින් අපිට ලැබෙන්නෙ නැ ඉතින් හැමෝම අහනවා මට තාම නැ මට තාම නැ කියලා ඉතින් Sri Lankaවේ උනත් අපි Use කරන හැම Device එකක්ම එකම CSC Code එකක් යටතේ නෙමේ තිබෙන්නෙ. අපි එකම රටක උනත් අපිට Updates ලැබෙන කාලයන් වෙනස් වෙන්න පුලුවන්.

උදාහරනයක් ව්දිහට මගේ යාලුවන් පාවිච්චි කරන Phone එකට Android 10 පැමිනියත් මට තවම පැමිනනැ කියලා පසු තැවෙන අය ඉන්න පුලුවන්. මොකද ඒ ඒ අයගේ Phone වල CSC Codes වෙනස් ඒ කියන්නෙ Software Service Provider Country වෙනස් අන්න ඒ නිසා. මෙතනින් කියන්නෙ නැ අපිට Updates ලැබෙන්නේ නැමයි කියලා මෙමගින් පොඩි කාලයක් පරක්කු වෙන්න පුලුවන් සමහර විට අනිත් අයට වඩා පොඩි කාලයක් ඉක්මන් වෙන්නත් පුලුවන් ඔබට Updates Roll Out කරන රට අනුව.

CSC Code එකක් කියන්නෙ මොකක්ද ඇත්තටම?

CSC Code එකක් කියන්නෙ එක රටකට අදාල උන වෙනමම Code එකක් ඔබගේ Phone එකට අදාලව Software Providers ලා විසින් නිකුත් කරන. මේක රටින් රටට වෙනස් වෙනවා. ඉතින් මේ Codes ලොකු List එකක් තියෙනවා මේ List එක ප්‍රදාන වශයෙන් Parts 3 කට බෙදෙනවා,

  1. United Stated -  AT&T, T-Mobile, Verizon
  2. Canada - Vodafone
  3. Global International Variants

මේ මම සදහන් කරේ අපි ගොඩක් දන්න කියන network carriers ලා කිහිපයක් ඉතින් මේ අයටත් මම කලින් කිව්වා වගේ CSC Codes තිබෙනවා ඉතින් ගොඩක් දුරට මම දැකපු විදිහට නම් මුලින්ම වගේ Updates ලැබෙන්නේ Samsung ලාගේ Europe Countrys වලට. ඉන් පසුව තමා අනිකුත් රටවල් වලට එන්නෙ. ඔයාගේ CSC Code එකත් දැන ගන්න පුලුවන්.

Settings - About Phone - Software Information - Service Provider SW Ver යටතේ.

ඉතින් මින් පසුව අපේ CSC Code එකට අදාල රට මෙන්න මේ Link එකට ගිහින් අකුරු අනු පිලිවෙලින් බලා ගන්න පුලුවන් Sri Lanka වට අදාලව SLK යනුවෙන්. මේක බැලුව ගමන් බය වෙන්න එපා අපි ලංකාවේ ඉදලත් ඇයි අපිට SLK නැත්තෙ කියලා මේකට හේතුව තමා අපේ Device එක Buy කරපු රට, මේ CSC Code එකෙන් වැටෙන්නෙ අපේ Device එක Buy කරපු රටයි ඉතින් මේ රටට අදාලව තමා අපිට Updates ලැබෙන්නේ සහා Updates ලැබෙන කාලය තීරණය වෙන්නෙ.

https://www.droidviews.com/how-to-change-csc-in-samsung-galaxy-phones

තවත් ඔයාලාගේ පහසුව සදහා දැනට ඔයාලාගේ Device එකට පැමිනි Latest ම Updates එක ඒ කියන්නෙ Security Patch Or Firmware Update එක මොකක්ද කියලා මේ Site එකෙන් බලා ගන්න පුලුවන්. මෙහි Device කියන Tab එකට ගිහින් එහි Firmware යටතේ බලාගන්න පුලුවන් ඔයාගේ Device එකට පැමිනිලා තිබෙන Latest ම Updates මොනාද කියලා.

https://www.sammobile.com/

මම හිතනවා මේ Post එක හරහා Software Updates ගැන තිබුන ගැටලු යම්තාක් දුරට හරි විසදෙන්න ඇති කියලා ඔයාලාගේ. පොස්ට් එක හොදයි වගේ නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න. ඔයාලාගේ CSC Code එකයි අදාල රටයි දැනට ලැබිලා තිබෙන Update එකයි Comments Section එකේ පල කරන්න. තවත් අලුත් Post එකක් සමගින් එන්නම් හැමෝටම ජය.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara