Release කිරීමටත් පෙර Samsung Galaxy A03s හි කරුණු රාශියක් Leak වේ

Release කිරීමටත් පෙර Samsung Galaxy A03s හි කරුණු රාශියක් Leak වේ

ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Budget Device එකක් වන Samsung Galaxy A03s හි මිල, වර්ණය ආදී කරුණු ​බොහොමයක් මේ වෙන විට Leak වි පවතිනවා. එම තොරතුරුවලට අනුව Samsung Galaxy A03s කලු, නිල් සහ සුදු යන වර්ණ තුනෙන් නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේ වන විටත් Samsung සමාගම විසින් නිල වශයෙන් Launch Date පිළිබඳව සඳහන් කර නැතත් ඉතා ඉක්මනින් නිකුත් වනු ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරනවා.

Samsung Galaxy A03s හි අපේක්ෂිත මිල කොපමණ ද?

Leak වී ඇති වාර්තා අනුව 3GB + 32 GB Storage එකක් ඇති A03s හි මිල ආසන්න වශයෙන් යුරෝ 150 ක් ( ආසන්නව ශ්‍රී ලංකා රුපියල් 35,175.00 ) පමණ වෙනු ඇත. Storage පිළිබඳව සහතික කල හැකි නමුත් මිල වාර්තා පිළිබඳව සහතික වශයෙන් තොරතුරු ඉදිරිපත් කළ නොහැකි අතර, නිල්, කලු සහ සුදු යන වර්ණ ත්‍රිත්වයින් මෙය නිකුත් වෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Samsung Galaxy A03s හි Specifications කෙසේ ද?

US FCC List විසින් විසින් සඳහන් කර ඇති ආකාරයට මේ Smart Phone එකේ TUV Rheinland Certificate ලබාගත් 5000mAh Battery Capacity එකක් සහිත Battery එකක් අඩංගු වනු ඇත.

පසුගිය මාසයේදී Samsung Galaxy A03s හි Wi-Fi Alliance පිළිබඳව වාර්තා නිකුත් වූ අතර ඒ අනුව මෙම දුරකථනය SM-A037F සහ SM-A037F/DS ලෙස Model දෙකකින් නිකුත් වනු ඇති බවට ඉඟි ලබාදුනි.‌‌ Certification Websitesවල සඳහන් වී ඇති ආකාරයට A03s, Single-band Wi-Fi b/g/n සහ Wi-Fi Direct සමඟ වෙළඳපොලට පැමිණෙනු ඇත. The Bluetooth SIG listing සඳහන් කරන ආකාරයට v5 වර්ගයේ Bluetooth මෙයට අඩංගු වනු ඇත.

BIS certification Web අඩවියට අනුව Samsung Galaxy A03s ඉන්දියාව තුළ Launch වීමට ඉතා ඉක්මනින් සිදු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එසේම, Samsung Websiteහි Dual Sim සහිත දුරකථනයක් ඉන්දියාවේ නිකුත් වීමට සූදානම් බවත් සදහන් වෙනවා.

Geekbench Listing සඳහන් කරන ආකාරයට මෙය 2.30GHz processor සහ 4GB RAM එකකින් සමන්විත වනු ඇත.  එසේම එම Processor ය MediaTek Helio G35 (ARM MT6765V/WB)  වර්ගයේ Processor යක් වීය හැක.

Source: Gadgets360

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara