Samsung Galaxy A දුරකතන මාලාව සඳහා වසර 5ක් පුරාවට Android Security Updates ලබා දෙන බව Samsung සමාගම විසින් නිවේදනය කර​යි

Samsung Galaxy A දුරකතන මාලාව සඳහා වසර 5ක් පුරාවට Android Security Updates ලබා දෙන බව Samsung සමාගම විසින් නිවේදනය කර​යි

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Smart Phones සමග වසර හතර කාලයක් සදහා Android OS Updates ලබා දීමට කටයුතු කරන බව අපි ඔබට වාර්තා කළා.

ඒ සඳහා Galaxy S21 Series එක, Galaxy S22 Series එක සහ ඉදිරියේදි නිකුත් විමට නියමිත Galaxy S Series Devices, Galaxy Z Flip 3, Galaxy Z Fold 3 සහ ඉදිරියේදි නිකුත් විමට නියමිත Galaxy Z Devices, Galaxy Tab S8 Series එක සහ ඉදිරියේදි නිකුත් විමට නියමිත Galaxy Tab S Series Devices ඇතුළත් වෙනවා.

කෙසේ නමුත් මේ පිළිබඳ Samsung සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කළ තොරතුරු අනුව දැක්වෙනුයේ වසර 04ක OS Updates සහ වසර 05ක Security Updates Galaxy S, Z, Tablets Seriesවලට මෙන්ම ඉදිරියේදි නිකුත් විමට නියමිත Galaxy A Series එකේ තෝරාගත් Devices කිහිපයකටත් ලබා දීමට සූදානම් වන බවයි.

මේ මඟින් පෙනී යන්නේ නිකුත් වීමට නියමිත Galaxy A53 සහ Galaxy A73 Devices සදහා වසර 4ක OS Updates සහ වසර 05ක Security Updates ලැබිම සදහා සුදුසුකම් ලබන බවයි.

කෙසේ වෙතත්, A5x Seires එක සෑමවිටම Samsung A Series Devices අතර ජනප්‍රියතම Devices වලින් එකක් වනවා. එම නිසා මෙම Devices ද මේ සදහා සුදුසුකම් ලැබිමට වැඩි ඉඩක් පවතිනවා.

Source - Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara