Samsung Galaxy ජංගම දුරකතන අලෙවි ආදායමෙන් අඩකටත් වඩා වැ​ඩි කොටසක් හිමි කර ගැනීමට Galaxy A මාදිලිය සමත් ​වේ

Samsung Galaxy ජංගම දුරකතන අලෙවි ආදායමෙන් අඩකටත් වඩා වැ​ඩි කොටසක් හිමි කර ගැනීමට Galaxy A මාදිලිය සමත් ​වේ

පසුගිය දා නිකුත් කරන ලද Counterpoint Research Report එකට අනුව Samsung සමාගමේ සියලු Smart Phones Series අභිබවා යමින් Galaxy A Series එක ජනප්‍රියතම මෙන්ම වඩාත්ම අලෙවි වු Smart Phone Series එක බවට පත්ව තිබෙනවා. Galaxy A Series එකේ අලෙවිය අනෙක් Samsung Series සියල්ලේම අලෙවියට ආසන්නව සමාන වෙනවා.

ඒ අනුව Samsung සමාගමේ වඩාත්ම ජනප්‍රිය Smart Phone Series එක Galaxy A Series එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්. එමෙන්ම Samsung සමාගමේ අනෙක් Smart Phone Series වෙන Galaxy S Series හා Galaxy M Series Smart Phonesවල අලෙවිය 58%ක් පමණ වෙන අතර සමාගමේ මුලු Smart Phone අලෙවියෙන් 42%ක් ම Galaxy A Series Smart Phones වෙනවා.

පසුගිය වසර තුල Galaxy A Series එක ගෝලිය වශයෙන් මෙන්ම බටහිර සහ නැගෙනහිර යුරෝපය, ලතින් ඇමරිකානු කලාපය සහ මැද පෙරදිග අප්‍රිකාව යන කලාප තුලත් ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

Samsung සමාගම විසින් මේ වසරේදි ඔවුන්ගේ නවතම Galaxy A53 5G හා A73 5G Smart Phones නිකුත් කීරිමට සුදානමින් සිටින අතර මේ Smart Phones Upper Mid Range Devices ලෙස නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම Galaxy A73 5G Device එකට Xiaomi, Redmi, Oppo, හා වෙනත් Chinese Smart Phones සදහා හොද තරගයක් ලබා දෙන්න හැකියාව ලැබෙයි කියාත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna