Samsung Exynos 2200 නිකුත් වීමටත් ප්‍රථම Apple A14 Bionicහි graphic performance පරදවයි

Samsung Exynos 2200 නිකුත් වීමටත් ප්‍රථම Apple A14 Bionicහි graphic performance පරදවයි

පසුගිය කාලයේදී Samsung හා AMD යන ආයතන විසින් Mobile Graphic Chips නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත් කලා ඔබට මතක ඇති. ඒ වගේම Exynos Chips වලට RDNA Architecture එක භාවිතා කිරීම ගැනත් අවධානයට ලක් වුනා.

2021 වසරේ මුල් භාගයෙදී Samsung සමාගම පවසා සිටියේ මේ සම්බන්ධ සියලු වැඩ කටයුතු සාර්ථක වෙමින් පවතින බවයි.

එමෙන්ම AMD විසින්ද සමාගම් 2කේ මෙම ඒකාබද්ධ වීම සිහිපත් කරමින් නිවේදනය කලේ RDNA 2 Graphics සහිත මීළඟ පරම්පරාවේ ප්‍රධාන Chip එක මෙම වසර අගදී ප්‍රකාශයට පත් කරන බවයි.

අලුත්ම Video accelerator තාක්‍ෂණය Exynos 2200 Chip එකේ ප්‍රධානතම අංගයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කර තිබේ. මෙය Galaxy S22 Series සඳහා යොදාගන්නට සැලසුම් කර ඇති චිපයයි.

Samsung Galaxy S22 Series හි සංකල්පනාත්මක ආකෘතියක්. Image: Tomsguide

ආරංචි මාර්ග වලට අනුව ඔවුන් "4-nm LPE Process Technology" එක භාවිතා කරමින් නව Chip එක නිපදවීමට සූදානම් වන අතර එහි Graphic Performance අනුව එය Adreno 730 Graphics සමඟ එන Snapdragon SM8450 Chip එක අභිබවා යනු ඇති අතර එය Adreno 660 Graphics Subsystem එක සමඟ එන Snapdragon 888 හි අනුප්‍රාප්තිකයා වනු ඇත.

කෙසේ හෝ මෙය සත්‍යක්ද නැද්ද යන්න අප පසුව සොයා බලමු.

"GFXBench Benchmark" එකෙන් Exynos 2200 Chipset එකේ ප්‍රතිඵල ලබාගත හැකි අතර ඒවා ඉතා ශුභවාදී ප්‍රතිඵල වේ. මූලික දත්ත වලට අනුව AMD Graphics සහිත නව Samsung Processor එකේ Performances, Apple A14 Bionic Chip එකේ Performanceද අභිබවා ගොස් තිබේ.

Samsung සමාගම ඔවුන්ගෙ තරඟකරුවන්ට ඉතා ප්‍රභල තරඟයක් ලබා දිය හැකි ඉතා හොඳ Graphic Subsystem එකක්ද ඇතුලත්වන Chipset එකක් නිර්මාණය කරනු ඇතැයි අපේ විශ්වාසයයි

Source: Gizchina, Technave

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara