Samsung සමාගම හොර රහසේම Galaxy Z Fold 4 සහ Flip 4 එලිදක්වන දින නිවේදනය කරයි

Samsung සමාගම හොර රහසේම Galaxy Z Fold 4 සහ Flip 4 එලිදක්වන දින නිවේදනය කරයි

Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Z Series එකේ මීලග Fold හා Flip Smart Phones නිකුත් කිරිමට සුදානමින් සිටින අතර ඒ සමගම අප විසින් Galaxy Z Fold හි Specifications නිල නොවන අයුරින් අන්තර්ජාලයට නිකුත් වි ඇති බවටත් ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

ඒ අනුව Samsung සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ මිලග Galaxy Unpacked Event එක, එනම් Galaxy Z Fold 4 හා Galaxy Z Flip 4 එළිදැක්විමට එළඹෙන අගොස්තු මස 10 වෙනි දින කටයුතු කරන බවට රහස් Twitter සටහනක් මගින් පළ කර තිබෙනවා. ඒ වගේම මේ Galaxy Z Series එක සමගින් Galaxy Watch Series 5 එකත් එළිදැක්විමට නියමිතව තිබෙනවා.

මෙම රහස් පණිවිඩය විසදීම මගින් මේ Galaxy Unpacked Event එක පැවැත්වීමට නියමිත දිනය පහත පරිදි ලබා ගත හැකි වෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙලෙස නිකුත් කිරිමට නියමිත Galaxy Z Fold හා Galaxy Z Flip Smart Phonesවල විශේෂාංගයන් සහ මිල ගණන් පිළිබඳ තොරතුරු කිසිවක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳවත් යම් යම් තොරතුරු නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: GSM Arena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara