තම දුරකතන වල drive storage සඳහා Samsung cloud වෙනුවට OneDrive භාවිතා කිරීමට Samsung සමාගම කටයුතු කරයි

ඔයාගේ Galaxy device එකේ sync On කරලා නම්, ඉක්මණින් මාරු වෙන්න.

තම දුරකතන වල  drive storage සඳහා Samsung cloud වෙනුවට OneDrive භාවිතා කිරීමට Samsung සමාගම කටයුතු කරයි

Samsung Galaxy smartphone වල ඇති Gallery Sync හා Drive Storage පහසුකම් සඳහා Samsung Cloud සේවය භාවිතා කිරීම නවතා දමන බව Samsung සමාගම නිවේදනය කර තිබෙනවා.

විකල්පය ලෙස Microsoft OneDrive cloud සේවය යොදාගන්න බවයි ඔවුන් තවදුරටත් සඳහන් කර සිටියේ.

මේ හුවමාරුව වූ පසු දැනට Samsung Cloud සේවය තුල ඇති ඔබගේ Gallery සහ Samsung Drive data සියල්ල මැකී යනු ඇති. Premium Storage සඳහා ඔබ ලියාපදිංචි වී ඇත්නම් එයද අවලංගු වන අතර ඒ සඳහා ගෙවා ඇති මුදල් ඔබට ආපසු බැර කරන බව ඔවුන් කියා සිටියා.

Gallery sync හා Drive sync නැතිව Contacts, Calendar හා Notes හි syncing සඳහා මින්පසු Samsung cloud සේවය යොදාගනු ඇති.

Samsung සහ Microsoft සමාගම් අතර ඇති පසුගිය කාලයේම ඇති වූ විවිධ එකඟතාවන් මත මෙයත් සිදු වූ බව හිතන්න පුළුවන්. Xbox, Office, Your Phone වැනි සේවා සඳහා Microsoft සමාගමේ මුලික Android හවුල්කරුවා වී තිබෙන්නේ Samsung Galaxy smartphone පෙළයි. අන් කාටත් කලින් එම සේවා ලබාගන්න Galaxy devices ඇති අයට හැකියාව ලැබුණා.

කෙසේ වුවත් තමන්ගේ Gallery හා Drive දත්ත manually OneDrive වෙත මාරු කිරීමට හෝ mobile/PC වෙත download කිරීමට Samsung සමාගම පහසුකම් සපයා තියෙනවා. මාරු කිරීමෙන් / download කිරීමෙන් පසු එම data Samsung cloud එකෙන් delete වනු ඇති.

කෙසේ වුවත් මේ data මාරුව සඳහා 2021 අප්‍රේල් දක්වා කල් ලැබෙන අතර download කිරීම සඳහා 2021 ජුලි දක්වා කල් ලැබෙනු ඇති.

මෙලෙස OneDrive වෙත මාරු කරන ආකාරයත් download කරන ආකාරයත් ගැන අප ඔබව තවත් ලිපියකින් දැනුවත් කරන්නම්.

Source: neowin

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara