Samsung සමාගම නැනෝ මීටර 3 chip නිෂ්පාදනය අරඹ​යි

Samsung සමාගම නැනෝ මීටර 3 chip නිෂ්පාදනය අරඹ​යි

ඔබට මතක ඇති අප මීට පෙර Android දුරකතන සඳහා ප්‍රථම 3nm SoC එක Samsung විසින් නිෂ්පාදනය කිරීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව Samsung සමාගම විසින් මේ වෙන විට නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා 1st Generation 3nm Chips නිෂ්පාදනය ආරම්භ කර ඇති බවට. මේ 3nm Chipset නිෂ්පාදනය සදහා ඔවු​න් නව Gate-All-Around (GAA) Transistor Architecture එක පදනම් කර ගෙන ඇති බවත් මෙහි දක්වා තිබෙනවා.

5nm Chipset එකක් සමග Samsung සමාගමේ 1st Generation 3nm Chipset එක සන්සන්දනය කිරීමේදි මේ 3nm Chipset එකට 23%ක අමතර Performance එකක් ලබා දෙන්න, 45%ක් දක්වා Power Consumption එක අවම කරන්න වගේම 16%ක් දක්වා Surface Area එක අඩු කිරීමටත් හැකියාව ලැබි තිබෙනවා.

ඒ වගේම ඔවුන් දක්වන ආකාරයට ඔවුන්ගේ 2nd Generation 3nm Chipset එකකට 5nm Chipset එකකට වඩා 30%ක Performance එකක් ලබා දෙන්නත්, 50%ක් දක්වා Power Consumption එක අවම කිරීමත් සහ 35%ක් දක්වා Surface Area එක අවම කිරීමත් හැකි වෙනු ඇත.

Sources: Samsung Newsroom TechCrunch

Read more

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය කියන්නේ මොක්කද යන්න. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස

By Bhasura Nuwan Kularathna
ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවේ

2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ වැඩසටහන අනුව ශ්‍රී ලංකාව තුළ බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්

By Bhasura Nuwan Kularathna
Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

Delete කරන ලද Photos නැවත ලැබිමේ Bug එක පිළිබඳව Apple සමාගම විසින් පැහැදිලි කරයි

මේ සඳහා iCloud Photos වල කිසිදු සම්බන්ධයක් නොමැති වන අතර iPhone එකේම File System එකේ සිදු වු database corruption එක නිසා මෙලෙස Delete කරන ලද Photos නැවත iPhone එකට පැමිණීම සිදුව තිබෙනවා.

By Bhasura Nuwan Kularathna