Samsung සමාගම විසින් Tizen TV සඳහා නව Gaming platform එකක් හදුන්වා දීමට කටයුතු කරයි
Cloud Gaming කියන්නේ මේ වන විට ඉතාමත් වේගයෙන් පරිශීලකයින් අතරේ ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින platform එකක්. ඉතින් මේ Cloud Gaming Platform එක සදහා Xbox හී xCloud, Google හී Stadia, NVIDIA හී GeForce Now, හා Amazon හී Luna ලෙස බොහෝ සමාගම් මේ වන විටත් ඇතුලු වී අවසන් වෙනවා. Cloud Gaming සදහා Samsung සමාගමත් ඇතුලු වීමට සූදානම් බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.
මේ පිලිබදව 2021 ඔක්තෝබර් 26 පැවති Samsung Developer Conference හීදී නිවේදනය කරමින් Samsung සමාගම සදහන් කර සිටියේ තම Tizen Os එක මහින් බලගැන්වෙන Smart TV සදහා Cloud Gaming Platform එකක් හදුන්වා දීමට සූදානම් බවයි. නමුත් මෙය නිකුත් කරන දිනයක් හෝ කිසිම වැඩිදුර තොරතුක් පිළිබඳ නම් එහිදි ඔවුන් සදහන් කළේ නැ.
මීට අමතරව Samsung Smart Tv සදහා එකතු කිරීමට සූදානම් වන අලුත් පසසුකම් කිහිපයක් පිලිබදවත් එහිදී තොරතුරු හෙළි කරනු ලැබුවා.
- Video communication – Google සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය නිසා පරිශීලකයන්ට AI-enabled Focus සහ Zoom ආදි පහසුකම් හරහා ඉතා හොද Video Calling අත්දැකීමක් ලබා ගත හැකි වේ.
- Samsung Health – Smart Tv එකේ Web Camera එක මගින් workout අතරතුර පරිශීලකයාගේ චලනය විශ්ලේෂණය කිරීම මගින් Real-time Feedback එකක් ලබා දීමට හැකි වේ.
- HDR10+ for Realistic Gaming – HDR10+ සමග Low-latency හා HDR Calibration සදහා Automated Settings ලබා දිම සිදු වෙනවා.
තවද තම Tizen TV Os එක Samung නොවන Smart Tv සදහා භාවිතා කිරීමට “Tizen TV Platform Licensing” ලෙස බලපත්‍රයක් වෙනත් සමාගම් හට ලබා දීමට සූදානම් බවත් මෙම Developer Conferenceහිදී Samsung සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
Source: Gizmochina, The Verge