Samsung සමාගම විසින් Tizen TV සඳහා නව Gaming platform එකක් හදුන්වා දීමට කටයුතු කර​යි

Samsung සමාගම විසින් Tizen TV සඳහා නව Gaming platform එකක් හදුන්වා දීමට කටයුතු කර​යි

Cloud Gaming කියන්නේ මේ වන විට ඉතාමත් වේගයෙන් පරිශීලකයින් අතරේ ජනප්‍රියත්වයට පත් වෙමින් පවතින platform එකක්. ඉතින් මේ Cloud Gaming Platform එක සදහා Xbox හී xCloud, Google හී Stadia, NVIDIA හී GeForce Now, හා Amazon හී Luna ලෙස බොහෝ සමාගම් මේ වන විටත් ඇතුලු වී අවසන් වෙනවා. Cloud Gaming සදහා Samsung සමාගමත් ඇතුලු වීමට සූදානම් බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මේ පිලිබදව 2021 ඔක්තෝබර් 26 පැවති Samsung Developer Conference හීදී නිවේදනය කරමින් Samsung සමාගම සදහන් කර සිටියේ තම Tizen Os එක මහින් බලගැන්වෙන Smart TV සදහා Cloud Gaming Platform එකක් හදුන්වා දීමට සූදානම් බවයි. නමුත් මෙය නිකුත් කරන දිනයක් හෝ කිසිම වැඩිදුර තොරතුක් පිළිබඳ නම් එහිදි ඔවුන් සදහන් ක⁣ළේ නැ.

මීට අමතරව Samsung Smart Tv සදහා එකතු කිරීමට සූදානම් වන අලුත් පසසුකම් කිහිපයක් පිලිබදවත් එහිදී තොරතුරු හෙළි කරනු ලැබුවා.

  • Video communication – Google සමාගම සමඟ ඇති හවුල්කාරිත්වය නිසා පරිශීලකයන්ට AI-enabled Focus සහ Zoom ආදි පහසුකම් හරහා ඉතා හොද Video Calling අත්දැකීමක් ලබා ගත හැකි වේ.
  • Samsung Health – Smart Tv එකේ Web Camera එක මගින් workout අතරතුර පරිශීලකයාගේ චලනය විශ්ලේෂණය කිරීම මගින් Real-time Feedback එකක් ලබා දීමට හැකි වේ.
  • HDR10+ for Realistic Gaming – HDR10+ සමග Low-latency හා HDR Calibration සදහා Automated Settings ලබා දිම සිදු වෙනවා.

තවද තම Tizen TV Os එක Samung නොවන Smart Tv සදහා භාවිතා කිරීමට “Tizen TV Platform Licensing” ලෙස බලපත්‍රයක් වෙනත් සමාගම් හට ලබා දීමට සූදානම් බවත් මෙම Developer Conferenceහිදී Samsung සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

Source: Gizmochina, The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara