AMD සමගින් පොර පිටියට එන SAMSUNG

AMD සමගින් පොර පිටියට එන SAMSUNG

ඔන්න පිට පිට දාන තුන්වෙනි Post එක අද (නිකන් ඉන්න දෙන්නෙම නැ බං දවසින් දවස ලීක්ස් කර ගන්නවා) කොහොම හරි ඊයේ Exynos 992 SOC එක ගැන Early Leaks ටිකක් ඔයාලට දුන්නා ඒ පොස්ට් එක කියවන්න ඇති කියලා මම හිතනවා. අද ඔන්න දෙන්න යන්නේ AMD ලා විසින් කරපු Test වගයක Results වගයක් ඇවිත් තිබෙනවා මේ වෙනකොට අන්න ඒ ගැන තමා අද කියන්න යන්නේ.

අපි හැමෝම වගේ දන්නවා මේ වෙනකොටත් Samsung SOC සමග එනේ Mali GPU යන වග. ( GPU කීව්වේ හරියටම ඔයාලාගේ භාශාවෙන් කියනවා නම් Computer එකක VGA එක වගේ තමා Mobile Phone එකක GPU කියන්නේ ). Mali GPU ගැන නම් ඒ කාලේ ඉදන්ම හොද වගේම නරකත් ගොඩක් අහන්න ලැබුනා 50% 50% Mixed Reactions කොහොම උනත් Adreno GPU සමග සසදන විට Mali GPU Performance අතින් ගොඩක් පිටු පසින් සිටියේ හරියටම කිව්වොත් ට්කක් High Graphics තියෙන Game එකක් Run කරනකොට තමා මේක දැනේන්නේ Mali GPU එක ට වඩා Smooth ව Adreno GPU එක Games Run කරනවා හොදට. Mali GPU වල Games Run කරන්න බැ කියනවා නෙමේ මෙතනින් තේරුම් කරේ Adreno GPU වලට වඩා පිටුපසින් සිටින බවයි.

Adreno වලට වගේම Apple GPU වලටත් තරගයක් දෙන්න තමා දැන් Samsung ලා ලක ලැස්ති වෙන්නේ. දැනට මගේ Post කියවන හෝ Mobile Industry එකේ කාලෙන් කාලෙට වෙන දේවල් ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක් ට මේක නම් නොරහසක්. ඒ තමා Samsung ලා විසින් 2021 දි Mali GPU වලින් ඉවත් වෙලා AMD GPU සමග එයාලාගේ Device එලි දක්වන බව.  Samsung-AMD collaboration   මේ කරුනු මුලින්ම එලියට දුන්නේ   AMD CEO Lisa Su විසින්. AMD ලා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම් PC Gamers ලා නම් හොදටම දන්නවා Intel වලට යන එනමක් නැති කරමින් AMD ලා ගහන සුපිරිම ගේම. ඒ නිසා AMD ගැන අලුතෙන් හදුන්වා දෙන්න යන්නේ නැ.

කරුනු කාරනා ඔහොම වෙද්දී Qualcomm සහා AMD ලා එයාලාගේ දැනට පවතින හොදම GPU වල Early Test වගයක් කරලා ත්බෙනවා High Performance Benchmark Test කරන්න ඉතින් ඔහොම කරපු පලවෙනි Test එකෙදිම AMD GPU එක සමත් වෙලා තිබෙනවා Qualcomm Adreno 650 GPU එක Frame Rates වලින් පරදවන්න. AMD සහා Samsung ලා පවසන ආකාරයට ඔවුන්ගේ පලවෙනි AMD GPU එක තවමත් Test මට්ටමේ පවතින බවත් මේ දවස් වල Optimizing වලට වැඩි අවදානයක් යොමු කරන බවත් සදහන් කර තිබෙනවා. Early Test වලට වඩා Release වෙන්න ලං වෙනකොට ගොඩක් Optimize වෙලා තමා SOC එකක් හෝ GPU එකක් පැමිනෙන්නේ. අපිට මෙතනදි පෙන්නුම් කරන්නේ මේ GPU එකේ උපරිමය නෙමේ. අනිවාරෙන් මීට එහා ගිය සුපිරි Result එකක් අපිට ඉස්සරහදි තවත් බලා ගන්න පුලුවන් වෙයි. ඒ ගැන තොරතුරු ලැබුන විගස දැන්වත් කරන්නම්.

Early Test Results -

AMD GPU (Manhattan) 181.8 frames

Qualcomm Adreno GPU (Manhattan) 123 frames

Source - Phonearena

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara