TikTok වලට ආදේශකයක් ලෙස රුසියානු ජනපති Vladimir Putinගේ දියණිය විසින් නව සේවාවක් හඳුන්වාදීමට සූදානම් වේ

TikTok වලට ආදේශකයක් ලෙස රුසියානු ජනපති Vladimir Putinගේ දියණිය විසින් නව සේවාවක් හඳුන්වාදීමට සූදානම් වේ

Russia විසින් ඔවුන්ගේම නව Short Video Sharing App එකක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ නව App එක මේ වන විට ලොව පුරා ජනප්‍රිය Short Video Sharing Social Media Platform එකක් වෙන TikTok හි නව Version එකක් විදිහට සදහන් කරන්න පුළුවන්.

මේ සදහා රැසියාවේ ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතනයක් හා බලශක්ති සමාගමක් වෙන Gazprom සමාගම මුලිකව සිටින අතර එම සමාගමේ මාධ්‍ය අංශයේ විධායක නිලධාරි වෙන ඇලෙක්සැන්ඩර් ෂාරොව් (Alexander Zharov) විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට මේ App එක “Ya Molodets” (“I am great”) නමින් හදුන්වනවා.

ඒ වගේම මේ App එකේ සංවර්ධන කටයුතු සදහා Innopraktika පදනම මගින් සහයෝගය දක්වන අතරම මෙය රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ (Vladimir Putin) දියණිකයක් වෙන කැටරිනා ටිකොනෝවාට (Katerina Tikhonova) හිමිකම් කියනු ලබන බවත් වාර්තා වෙනවා. මේ නව App එක මගින් රැසියානු බ්ලොග් Videoකරැවන්ට නව වේදිකාවක් තනා දිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

ඒ වගේම මේ නව App එක වසර දෙකක් තුල නිකුත් කිරිමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි බවත් මේ වන විට වසර එක හමාරකට වැඩි කාලයක් ඔවුන් මේ App එකේ වැඩි දියුණු කිරිම් සිදු කරමින් සිටින බවත් මෙය කෙටි Portrait Video සදහා සහය දක්වන සේ එළිදැක්වීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

Source : Ndtv, Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara