රුසියානු Fact-checking ආයතනයන් Facebookහි සීමාවන්ට ලක් කිරීමත් සමඟ රුසියානු වැසියන්ට Facebook වෙත පිවීසීම සීමා කිරීමට එම රජය කටයුතු කර​යි

රුසියානු Fact-checking ආයතනයන් Facebookහි සීමාවන්ට ලක් කිරීමත් සමඟ රුසියානු වැසියන්ට Facebook වෙත පිවීසීම සීමා කිරීමට එම රජය කටයුතු කර​යි

රුසියානු රජය විසින් එරට වැසියන්ට Facebook වෙත ප්‍රවේශ විම සීමා කිරිමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ Zvezda TV channel, The RIA Novosti news agency, The Lenta.ru සහ Gazeta.ru Internet ආදි රුසියානු මාධ්‍ය ආයතනය 04ක Facebook ගිණුම් Restrict කිරිමට Meta සමාගම කටයුතු කිරිමත් සමගයි.

ඊයේ දිනයේදි ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු තාක්ෂණික හා සන්නිවේදන නියාමක  විසින් සදහන් කර තිබුණේ Facebook සමාජ ජාලය විසින් රුසියානු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය කරන බවත්, 2020 ඔක්තෝබර් මාසයේ සිට⁣ මේ වෙන විට Facebook සමාජ ජාලය විසින් වාරණය කිරිම් 23ක් පමණ සිදු කර තිබෙන බවයි.

එමෙන්ම ඔහු විසින් Meta හි පරිපාලනයටද රුසියානු මාධ්‍ය සඳහා Facebook සමාජ ජාලය විසින් පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසත්, එලෙස සීමාවන් යෙදිමට හේතු පිළිබඳ පැහැදිලි කිරිමක් ඉල්ලා සිට ඇති අතර Meta විසින් මෙම ඉල්ලීම් නොසලකා හැර ඇති බවත් දක්වා තිබෙනවා.

මෙම ප්‍රකාශයට පිළිතුරු ලෙස Meta හි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති වෙන Nick Clegg විසින් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු රජය ඉල්ලා ඇති පරිදි ඔවුන්ගේ Content සදහා Fact-checking and labelling කිරිම නවතා දැමිය නොහැකි බවයි.

එමෙන්ම ඔහු විසින් Twitter සටහනක් නිකුත් කරමින් දක්වා තිබෙන්නේ මෙලෙස ඔවුන් රුසියානු රජයේ ඉල්ලිම ප්‍රතික්ෂේප කිරිමත් සමග ඔවුන් විසින් Facebook භාවිතය සීමා කිරිමට මේ වෙන විට කටයුතු කර ඇති බවයි.

Source : The Verge

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna