රුසියානු රාජ්‍ය නිලධාරීන්ට iPhone භාවිතය තහනම් කිරීමට එරට රජය කටයුතු කරයි

Apple සමාගම විසින් ඇමරිකානු රජය සඳහා ඔත්තු බැලීමට ආධාර කරන බවට චෝදනා එල්ල වීමත් සමඟ iPhone සහ අනෙකුත් Apple නිෂ්පාදන භාවිතා කිරීම රුසියාවේ රාජ්‍ය නිලධාරීන්ට තහනම් කොට තිබෙනවා.

Apple නිෂ්පාදන තහනම් කර ඇති එරට එක් රජයේ ආයතනයක මූලාශ්‍රයකට අනුව, නියෝජ්‍ය අමාත්‍යවරුන් වැනි සිවිල් තනතුරු දරන ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කොට තිබෙන්නේ iPhone තවදුරටත් ආරක්ෂිත නොවන අතර විකල්ප සොයා ගත යුතු බවයි. රුසියානු ආරක්ෂක සහ බුද්ධි විශේෂඥ Andrey Soldatov සඳහන් කරන්නේ, ඇමරිකානුවන්ට ඔවුන්ගේ iPhone හරහා සංවාද සඳහා සවන්දීම භාවිතා කළ හැකි බවයි.

FSBහි වාර්තාවකට අනුව, iPhone දහස් ගණනක් ඇමරිකාවේ ආරක්ෂක ඒජන්සිය සමඟ Appleහි සමීප සහයෝගීතාවය හෙළි කරන අධීක්ෂණ මෘදුකාංග iPhoneවල ඇතුළත් කර ඇති බව සඳහන් වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර, FSBහි වාර්තාවේ අඩංගු වන්නේ Apple සමාගම විසින් ධවල මන්දිරයට සම්බන්ධ පුද්ගලයින් වෙත තොරතුරු ආදිය සපයන බවයි.

කෙසේ වෙතත්, Apple සමාගම විසින් මේ සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

Sources: timesofindia.indiatimes.com gizmodo.comCover Image Source: Financial Times

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara