Apple සමාගම විසින් අඩු මිලකට Apple Watch SE ලෙසින් Smart Watch එකක් නිකුත් කරන බවට ඉඟි පලවේ

Apple සමාගම විසින් අඩු මිලකට Apple Watch SE ලෙසින් Smart Watch එකක් නිකුත් කරන බවට ඉඟි පලවේ

Apple කිව ගමන් හැමෝටම මතක් වෙන්නේ මිල අධික Product එකක්. මේ මිල අධික බව වගේම ඒ Productවල තිබෙන Built Quality, Premium & Rich Look එක නිසාත් Apple Product Most Premium & Reputable Brand එකක් බවට පත් වි තිබෙනවා.

මේ මිල අධික බව නිසාම Apple සමාගම විසින් iOS අත්දැකිමක් ලැබිය හැකි පරිදි දැරිය හැකි මිලකට ලබා ගත හැකි iPhone SE නිපදවිම ඇරඹුවා. iPhone SE Devices පාරිභෝගිකයින් අර බොහෝ ලෙස ජනප්‍රිය විම නිසා මේ වසරේදි iPhone SE Second Edition එකක් ද හදුන්වා දිමට ඔවුන් කටයුතු කරා. දැනට ඇති ආරංචිවලට අනුව කියවෙන්නේ මේ Special Edition එක Apple Watch වෙතද අනුගත කිරිමට Apple සමාගම සුදානම් වන බවයි.

මේ ආරංචිය විශ්වාස කල හැකි එකක් නම්, අපට කිව හැක්කේ ලබන වසරේදි Apple Watch SE Product එකක් හදුන්වා දිමට නියමිත වන බවයි. Twitter හි leaker කෙනෙක් වන Komiya විසින් පල කල ඇත්තේ මේ Apple Watch SE Edition එක Apple Watch Series 3 සමග Replace විමට නියමිත බවයි. Apple Watch Series 3 හදුන්වා දිම සුදු කරන ලද්දේ මිට වසර 03 කට පමණ පෙරදියි. මේ වන විට Apple Watch Series 5 ද හදුන්වාදි තිබෙනවා.

තවත් විශේෂ දෙයක් විදිහට මේ වන විට Series 4 Apple සමාගම විසින් නවතා දමා තිබෙන නිසා මේ වන විට වෙළදපොල පවතින් Series 3 හා 5 න් Watch Series 3 පසුගිය කාලයේ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රිය වුනා. ඒ Series 3 හි මිල ඩොලර් 200 දක්වා Apple සමාගම නිල වශයෙන් පහල දැමිමත් සමග එය iPhone සමග භාවිත කල හැකි හොදම Smart watch එක බවට පත්විමත් සමගයි.

කෙසේ වෙතත් ඉදිරි සති කිහිපය තුලදි Watch Series 6 හදුන්වා දුන් පසු Series 3 Apple සමාගම විසින් නවතා දැමිමට කටයුතු කරනු ඇති අතර එවිට පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා දිය හැකි Apple Watch එක බවට පත් වන්නේ Watch Series 4 යි. නමුත් මේ වන විටත් Watch Series 4 නවතා දමා ඇති නිසා ද මේ අඩුව පිරිවිමට Apple Watch SE එකක් නිකුත් කිරිමට කටයුතු කල හැකි බවත් කියන්න පුළුවන්.

Concept Watch SE 

Apple Watch SE ලෙස Watch Series 3 Replace වන අතර මේ සමග නවතම Processorයකින් හා W4 Chip එකෙන් බලගැවෙනු ඇත. ඒ වගේම 16GB Storage එකකින්, Bluetooth 5.0, Cellular Connectivity හා තවත් Featuresවලින් සමන්විත වනු ඇති බවට වාර්තාපල වි තිබෙනවා.

ඒ වගේම මෙය Watch Series 3 මිලටම වගේ අලවි කරනු ඇති බවත් Silver, Space grey හා Gold Colorsවලින් මේක නිකුත් කරනු ඇති බවටත් අපේක්ෂා කරනවා.

iPhone 8 සමග සසදන විට මේ දිනවල Top selling Product එකක් වි තිබෙන iPhone SE 2 මෙන් මෙලස Apple Watch SE එකක් Release වුවහොත් එයත් ජනප්‍රිය වනු ඇති බව නිසකයි.

කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් මේ Watch SE පිළිබඳව නිවේදනයක් නිකුත් වි නැ.

Sources : GEAR PATROL, Hyperbeast

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara