Huawei සමාගමට අවශ්‍ය කරන 4G chips පමණක් සැපයීමට Qualcomm සමාගමට අනුමැතිය ලැබේ

Qualcomm සමාගමට Huawei සමාගම සදහා අවශ්‍ය 4G Chips ලබා දිමට අනුමැතිය ලැබි ඇත.

Huawei සමාගමට අවශ්‍ය කරන 4G chips පමණක් සැපයීමට Qualcomm සමාගමට අනුමැතිය ලැබේ

ඇමරිකාව විසින් Huawei සමාගම වෙත පණවන ලද සම්බාධක නිසා ඇමරිකානු තාක්ෂණික සමාගම් සමග Huawei සමාගමට ගණුදෙනු කිරිම පසුගිය කාලයේ දි අවහිර වුවා. නමුත් ඇමරිකානු සමාගම් රැසක් විසින් Huawei සමාගම වෙත තම තාක්ෂණික නිෂ්පාදනය නිකුත් කිරිම පිළිබඳව අවසර ලබා ගනිමින් සිටින බව පසුගිය කාලය පුරාවටම අපිට දැක ගන්න පුළුවන් වුණා.

ඒ අනුව Huawei සමාගම සදහා සැපයුම් නිකුත් කිරිම සදහා සඳහා AMD සමාගම අවසර ලබා ගැනිමත්, Huawei සමාගමට සදහා සැපයුම් නිකුත් කිරීම සඳහා INTEL සමාගම අවසර ලබා ගැනිමත් පසුගිය කාලයේදි සිදු වුවා. එමෙන්ම ඇමරිකානු සම්බාධක වලට මුහුණදීමට Huawei සමාගම තමන්ගේම chipset නිෂ්පාදනාගාරයක් ඇරඹීමට සූදානම් බවටත් පසුගිය කාලයේදි තොරතුරු වාර්තා වුවා.

ඒ වගේම මීට සතියකට පමණ පෙර Qualcomm සමාගම විසින් තහවුරු කරනු ලැබුවා ඔවුන් Huaweiට අවශ්‍ය Chips සැපයිම සදහා බලපත්‍රයක් ඉල්ලුම් කල බවට. ඒ අනුව මේ වන විට චීන ප්‍රවෘත්ති වෙබ්අඩවියක් වෙන Yicai News වෙබ්අඩවිය විසින් දක්වා තිබෙනවා Qualcomm සමාගමට Huawei සමාගම සදහා අවශ්‍ය 4G Chips ලබා දිමට අනුමැතිය ලැබි ඇති බවට.

කෙසේ වෙතත් Qualcomm සමාගමේ 4G Chips සමග Huawei සමාගම තම නිෂ්පාදනය නිකුත් කිරිමට සුදානමින් සිටිනවා. ඒ වගේම Qualcomm සමාගම විසින් නැවත් වරක් 5G Chips ලබා දිමට අවසර ගැනිම පිළිබඳවත් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි දැනට Qualcomm සමාගමට Huawei සමාගම සදහා ලබා දිය හැකි වෙන්නේ 4G Chips පමණයි.

ඇමරිකානු සම්බාධක හමුවේ වුවද මේ වන විට බොහෝ සමාගම් Huawei සමාගම සමග කටයුතු කිරිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. වාර්තා වෙන අකාරයට සමාගම් 300ක් පමණ ඇමරිකා එක්සත් ජනපදද රජයෙන් Huawei සමාගම සමග ගණුදෙනු කිරිමේ අවසරය ලබා ගැනිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මීට අමතරව දැනටමත් වෙළද බලපත්‍රය ලබා ගැනිමට TSMC, SMIC, SK Hynix, Samsung Electronics හා Western Digital වැනි නිෂ්පාදකයින් රැසක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

කෙසේ වෙතත් 5G Chips නොමැතිව Smartphone වෙළදපොලට තුල රැදි සිටිමට Huawei සමාගමට ඉතා අපහසු වෙන බව කියන්න පුළුවන්. නමුත් Huawei සමාගම විසින් ඉදිරියේදි මේ ගැටලුව ඔවුන්ගේම හෝ පිළියමක් සොයා ගන්න බව නිසකයි. එමෙන්ම දැනටමත් Qualcomm සමාගම විසින් නැවත් වරක් 5G Chip සැපයිම පිළිබඳව අවසර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු පල වෙනවා.

Sources : Yicai News, Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara