Windows 10 සඳහා ලබාදෙන අවසාන Major update එක Windows 10 22H2 බව Microsoft සමාගම පවස​යි

2021 වසරේදී Microsoft සමාගම විසින් Windows 11 නිකුත් කිරීමෙන් පසු පරිශීලකයන්ව එම OS එක භාවිතා කිරීමට පෙළඹ වීමේ තවත් පියවරක් ලෙස ඔවුන් Windows 10 සදහා නව විශේෂාංග එක්කිරීම නවතා තිබෙනවා.

2025 ඔක්තෝම්බර් 25 වනදා තෙක් Windows 10 සඳහා සහාය ලබා දෙන බව ඔවුන් විසින් නිවේදනය කළත්, ඒ වන තෙක් ලබා දෙන්නේ Security Updates පමණක් වන බවත් පසුගිය දා නිකුත් කළ 22H2 Update එක එහි අවසාන Major Update එක බවත් ඔවුන් විසින් නිවේදනය කොට තිබෙනවා.

Windows 11හි පෙර තිබූ බොහොමයක් දෝශ නිරාකරණය කර තිබෙන නිසා දැන් එය සාමාන්‍ය පරිශීලකයන්ටත් භාවිතය ඉතා සුදුසු මෙහෙයුම් පද්ධතියක් වන අතර ඉදිරි වසර කිහිපය තුලදී ඔබට නව පහසුකම් අත්විඳීමට අවශ්‍ය නම් Windows 11 වෙත මාරු වීමට සිදුවනවා.

Source: techcommunity.microsoft.com twitter.com/@MSWindowsITPro

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna