Redmi note 11 series එක සදහා Samsung AMOLED Panel යොදාගන්නා බවට වාර්තා වේ

Redmi note 11 series එක සදහා Samsung AMOLED Panel යොදාගන්නා බවට වාර්තා වේ

පෙර දිනකදී Redmi Note 11 series එක එලිදක්වන දිනය හා ඒ පිලිබද වැඩි දුර තොරතුරු අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති. ඉතින් මේ වන විටත් Xiaomi සමාගම Redmi note 11 series එකෙහි බොහොමයක් key features හෙලි කර අවසානයි.

ගිය වර්ෂයේ xiaomi සමාගම ප්‍රථ​ම වතාවට තම Redmi Note series (Redmi Note 10) දුරකතන සදහා AMOLED Display යොදාගනු ලැබුවා. එමෙන්ම එම AMOLED panel තත්වයෙන් බාල යැයි සමහර පරිශීලිකයන් මත පලකරා. ඉතින් මේ සියල්ලම සමග Xiaomi සමාගම මේ වර්ෂයේ Note 11 Series එක සදහා Samsung AMOLED Panel භාවිතා කිරීමට යන බවට මේ වනවිට වාර්තාවනවා

Xiaomi සමාගමේ Official Weibo ගිනුමෙහි සදහන් ආකාරයට මෙවර Note 11 හී AMOLED panel එක ඉතාමත් අඩු bezels එකක්, 120Hz high refresh rate එකක්, 360GHz touch sampling rate එකක්, DCI P3 පුලුල් වර්ණ පරාසයක් සහ 2.96mm තරම් කුඩා වූ punch hole එකකින් සමන්විත වෙනවා. තවද මෙම AMOLED පැනලය හේතුවෙන් දුරකතනය සැහැල්ලුව හා තුනීව පවත්වා ගැනීමට සහය වන බවද සදහන් වනවා.

මෙලෙස china version එක නිකුත් වුවත් එය එලෙසම globle නිකුත් කරයිද යන වග පිලිබද තවමත් කිසිදු තොරතුරක් නම් ලැබී නැහැ.

Source: gizmochina.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara