Redmi Note 11 series එක එලි දක්වන දිනය පිළිබඳව දැනුම් ​දේ

Redmi Note 11 series එක එලි දක්වන දිනය පිළිබඳව දැනුම් ​දේ

Xiaomi සමාගමේ Redmi Note Series එක කියන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වු Midrange Smart Phone Series එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. මේ වසර මාර්තු මාසයේදි Redmi Note 10 Series එක හදුන්වා දුන් අතර එයත් ශ්‍රී ලංකාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් වුවා.

Redmi Note Lineup එකේ මිලග Smart Phone එක ලෙස Redmi Note 11 Series එක නිකුත් වෙන්න නියමිතව පවතිනවා. Xiaomi සමාගම විසින් මේ Redmi Note 11 Series එක මේ මස 28 වෙනි දින නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බවට ප්‍රකාශ කර තිබෙනවා.

Redmi Note 11 Series එක Centrally Positioned Punch Hole Selfie Camera Setup එකකින් සමන්විත වෙනු ඇති අතර මෙහි ඉහළ කෙලවරේ 3.5mm Audio Jack, IR Blaster, Microphone හා JBL Tuned Speaker Setup එක බලා ගන්න පුළුවන්.

Redmi Note 11 Series එක Note 11 5G, Note 11 Pro 5G හා Note 11 Pro+ 5G විදිහට Devices තුනකින් එළිදැක්වෙනු ඇති අතර 6GB, 8GB RAM ධාරිතාවන් වලි​න් යුතුව 128GB හා 256GB Internal Storageවලින් මිලදි ගැනිමේ හැකියාව ලැබෙනු ඇත. මේවා Mysterious Blackland, Shallow Dream Galaxy, Time Quiet Purple හා Misty Forest කියන Colors වලින් වෙළෙඳපොළට නිකුත් වෙයි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

දැනට අන්තර්ජාල තුල පළවෙන තොරතුරුවලට අනුව Redmi Note 11 5G Smart Phone එක 120Hz Display Refesh Rate එකක් සහිතව Dimensity 810 Chipset එක මගින් බලගැන්වෙනු ඇති අතර 13MP Selfie Camera එකක් හා 50MP Primary Camera එකක් සහිත Rear Camera Setup එකකුත් ඇතුලත් වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Note 11 5G Smart Phone එකට ලබා දී තිබෙන 5000mAh Battery එක Charge කිරිම සදහා 33W Fast Charging පහසුකමත් ලබා දෙනු ඇත.

Redmi Note 11 Pro+ 5G Smart Phone එක 120Hz Display Refresh Rate එකක් සහිත OLED Display එකකන් යුතු වනු ඇති අතර මෙය Dimensity 920 Chipset එක මගින් බලගැන්වෙනවා. 16MP Selfie Camera Setup එකක් හා 108MP Primary Camera එකක් සහිත Rear Camera Setup එකකින් ද මේ Smart Phone එක සමන්විත වෙනු ඇතැයි තොරතුරු පළ වෙනවා. මේ Note 11 Pro+ 5G Smart Phone එකට ලබා දී තිබෙන 5000mAh Battery එක Charge කිරිම සදහා 67W Rapid Fast Charging පහසුකමත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara