මාර්තු 4 වන දින Redmi Note 10 සහ Redmi Note 10 Pro ඉන්දියාවේදී එලිදැක්වීමට කටයුතු සූදානම් වේ

මාර්තු 4 වන දින Redmi Note 10 සහ Redmi Note 10 Pro ඉන්දියාවේදී එලිදැක්වීමට කටයුතු සූදානම් වේ

Redmi Note 10 Series එක මාර්තු මසයේදි එළිදැක්වීමට සුදානම් බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව මේ වන විට Xiaomi සමාගම විසින් නිල වශයෙන්ම මාර්තු මාස 4වන දින ඉන්දියාවේ දි ප්‍රථමවර⁣ට Redmi Note 10 Series එක එළිදැක්වෙන බව ඔවුන්ගේ ඉන්දියාව සදහා වු නිල Twitter ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම Redmi Note 10 Series එකේ Global Release කරන දිනයත් මේ සමගම ඔවුන් දක්වා තිබෙනවා.

මේ Redmi Note 10 Series එකේ Global Release එක අප්‍රේල් මස 03 වෙනි දින සිදු කිරිමට ඔවුන් සුදානමින් සිටින බවට මේ Twitter සටහනේම දක්වා තිබෙනවා. දැනට තිබෙන තොරතුරුවලට අනුව 4G හා 5G Enabled Devices ලෙස මේ Note 10 Series එක නිකුත් වේ යැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම 120Hz Refresh Rate එකක් සහිත Display එකකින් මේ Series එක සමන්විත වනු ඇත. මෙහි Note 10 Device එක සදහා LCD Display එකක් ද Note 10 Pro Device එක සදහා AMOLED Display එකක්ද බලාපොරොත්තු විය හැකියි. මේ පිළිබඳ ඔවුන් පසුගිය දිනකදි මත විමසීමක් ද සිදු කර තිබුණා.

Redmi Note 10 Series Display Poll

මේ Series එක බලගැන්වෙනු ලබන්නේ Snapdragon 732G ( Note 10 ) හා MediaTek Dimensity 800U ( Note 10 Pro ) Chipset මගින් වන අතර 6GB RAM එකක් ලබා දෙනු ඇත. 108MP Main Camera Lens එකකින් සමන්විත Quad Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Series එක සදහා 5,000mAh Capacity එකක් සහිත Battery එකක් ලබා දි ඇති බවටත් තොරතුරු පල වෙනවා.

කෙසේ වෙතත් තවමත් නිල වශයෙන් මේ Series එකේ Specifications පිළිබඳ තොරතුරු නිකුත් වි නොමැති වෙන අතරම ඉදිරි දිනවලදි එසේ නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Beebom, Redmi Note 10

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara