වර්ෂයකට Redmi Note මාදිලි දෙකක් පමණක් එලිදැක්වීමට සූදානම් වන බව Xiaomi සමාගමේ Redmi අංශයේ සාමාන්‍යාධිකාරි විසින් නිවේදනය කර​යි

වර්ෂයකට Redmi Note මාදිලි දෙකක් පමණක් එලිදැක්වීමට සූදානම් වන බව Xiaomi සමාගමේ Redmi අංශයේ සාමාන්‍යාධිකාරි විසින් නිවේදනය කර​යි

Redmi Note 11 series එක නිකුත් කිරිමට ඇත්තේ තවත් දින කිහිපයක්. ඉතින් මේ වන විටත් Redmi Note 11 Series එක පිළිබඳ බොහෝ තොරතුරු නිල වශයෙන් හා නිල නොවන වශයෙන් නිකුත් වී අවසන් වෙනවා. ඒ පිළිබඳ සියලු තොරතුරු Android වැඩකාරයෝ අපි මේ වෙන විට ඔබව දැනුවත් කර හමාරයි.

Xiaomi සමාගම Redmi Note 11 series එක නිකුත් කිරීමෙන් පසුව සිට සෑම වර්ෂයකටම Redmi Note Generations දෙකක් නිකුත් කිරීමට සූදානම් බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

Redmi සන්නාමයේ සාමාන්‍ය අධිකාරී වන Lu Weibing විසින් මේ නව Redmi Note Series දියත් කිරීමේ සැලසුම ඉදිරිපත් කර තිබෙනවා. තවද ඔහු ඉදිරියේ නිකුත් කිරීමට නියමිත Redmi Note 11 Series එක Redmi Note 9 Series එකෙහි අනුප්‍රාප්තිකයෙකු වනු ඇති බවටත් සදහන් කර තිබෙනවා.

වෙනත් සමාගම් මෙන් නොව තමන් ගන්නා සෑම තීරණයකටම හේතු දැක්වීම Xiaomi සමාගමේ විශේෂයක් වෙනවා. Xiaomi සමාගම ඔවුන් ලබාගත් මේ නව තීරණය පිළිබඳ හේතුව ලෙස වර්ෂයකට වරක් Redmi Note Series එක නිකුත් කිරීමෙන් තම සමාගමට සෑම පරිශීලකයෙකුගේම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොහැකිවන බවත් එම නිසා ඔවුන් මෙම තීරණයට එලබුණ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම මෙලෙස වර්ෂයකට Redmi Note මාදිලි දෙකක් වෙළෙඳපොළ ඉදිරිපත් කිරිම චීනයෙන් පිටතට බලපානු ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර නොමැත. Xiaomi සමාගමේ මේ නව තීරණය කොතරම් දුරට ඵලදායී ද නැද්ද යන වග තීරණය කිරීම පරිශීලකයන් සතුයි.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna