WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක​ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය යොමු කරන්නයි මේ හදන්නෙ.

1.Apple හි පළමු AI system එක iPhone, iPad සහ Mac වෙත හදුන්වා දෙයි.

විශාල තාක්ෂණික සමාගම් සියල්ලම පාහේ AI තාක්ෂණයට පිවිසීමත් සමග, Apple සමාගමද මේ වසරේ තමන්ගේම AI පද්ධතියක් දියත් කිරීම පුදුමයක් නොවේ. Apple Intelligence යනු Apple සමාගමේ නව Private intelligent system එකකි.මෙම Apple intelligent හරහා image generate කිරීම text summarize වැනී  AI පාදක වැඩ බොහෝමයක් සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

Apple Intelligence ආරක්ෂාව කෙරෙහි විශාල අවධානයක් යොමු කරන බව පෙනේ, මන්ද Apple intelligent මගින්ම devise එක මත application setting භාවිතා කළ යුතුද නැතහොත් Apple හි පුද්ගලික Cloud computing සම්බන්ධ කර ගත යුතුද යන්න ස්වයංක්‍රීයව තීරණය කරනු ඇත. පලමුව iPhone 15 Pro මත මෙන්ම M1 චිපයක් සහිත iPads සහ Macs සදහාද පසුව අනෙක් උපාංග සදහාද Apple intelligent ලබා දෙනු ඇත.

2.Siri සහ AI.

AI මගින් වැඩිදියුණු කරන ලද siri හරහා ලබා දෙන විධාන මගින් බොහෝ දේවල් කල හැකි බව Apple සමාගම සදහන් කලා. E-mail ගොනු අතරින් අත්‍යාවශ තොරතුරක් සෙවීමට හෝ අත්‍යාවශ්‍ය පණිවිඩයක්, ඡායාරූපයක් එකවර ලබා ගැනීමට siri ගෙන් සහය ලබා ගැනීමට හැකි වනු ඇත.

3.Apple විසින් ChatGPT Siri බවට පත් කරයි.

Siri හා chatgpt chatpot එකතු කිරීම සමඟින්, තමාට ලබා වීමට නොහැකි වූ තොරතුර ලබා දීමට ChatGPT සහය සුදුසු වේද යන්න Siri ස්වයංක්‍රීයව තීරණය කරයි. Siri ChatGPT වෙත තම ඉල්ලීම යැවීමට පෙර user ගෙන් අවසරය ඉල්ලා සිටිනු ඇත. මේ හරහා නොමිලේ සහ ගිණුමක් නොමැතිව Siri හරහා ChatGPT භාවිත කිරීමට හැකි වනු ඇත.

4.Mail, Message, image සහ තවත් දේවල් වලට AI.

Apple විසින් E-mail summarize කිරීමට සහ responses generate කිරීම ඇතුළුව iOS 18 හි එන apps හරහා නව AI විශේෂාංග රාශියක් එළිදක්වයි. Apple සමාගම නව Genmoji විශේෂාංගයක් හරහා text prompt මත පදනම්ව customize emoji නිර්මාණය කිරීමේ හැකියාව ලබා දේ. ඒ Image Playground නම් නව AI රූප generator එකක් මඟිනි.
Apple විසින් Photos යෙදුම වෙත AI ගෙන ඒම හරහා Google's magic eraser හා සමානව පින්තූරවල පසුබිමේ ඇති වස්තූන් ඉවත් කළ හැකිවේ. මීට අමතරව, Apple විසින් Note සහ Call යෙදුම් වෙත AI එකතු කිරීමට නියමිතය.

5.iOS 18 මගින් iPhone කැමති පරිදි customize කිරීමෙ හැකියාව.

සියලුම AI feathers හැරුණු විට, Apple විසින් iOS 18 හි කැමති පරිදි customize කළ හැකි control center එකක් හඳුන්වා දෙයි. එය හරහා home screen එකෙහි app icon නිදහසේ තැබීමට හා ඇතැම් යෙදුම් අගුලු දැමීම සිදු කළ හැක.

අනෙකුත් ප්‍රධාන වෙනස්කම් අතරට photo application එක redesign කිරීම සහ games optimize කිරීම සඳහා background activity අවම කරන game mode ඇතුලත් වේ.

6.iPhone සඳ​හා අවසානයේ RCS සහාය

Apple පසුගිය වසරේ RCS (Rich Communication Services) සහය ප්‍රකාශ කිරීමෙන් පසුව, එය iOS 18 සමඟ පැමිණෙන බව Apple විසින් තහවුරු කරන ලදී. නමුත් ඉන් ඔබ්බට වෙනත් කිසිදු විස්තරයක් ප්‍රසිද්ධ කර නැත.

iMessage සදහා message schedule කිරීමේ හැකියාව සහ චන්ද්‍රිකා හරහා SMS පණිවිඩ යැවීම වැනි දෑ වැඩිදියුණු කිරීම් සහිතව ios 18 තුල අන්තර්ගත වේ. Apple විසින් වර්ණවත් Tapback විකල්ප ද එළිදක්වන අතර අකුරු bold කිරීමට, underline කිරීමට, italic කිරීමට ඉඩ සලසයි.

7.Apple TV plus.

Apple tv හරහා නරඹන චිත්‍රපටයේ හෝ රූපවාහිනී වැඩසටහනේ නළුවන් සහ ඔවුන්ගේ චරිත පෙන්වීමට දුරස්ථ පාලකයේ පහළට swipe කිරීමට ඉඩ සලසන නව විශේෂාංගයක් Apple TV Plus හරහා ලබා දීමට සැරසේ. තවද වාදනය වන ගීතය සොයා එය Apple Music playlist එකට එක් කරගත හැක. Apple TV Plus හි sound mute කරන විට ස්වයංක්‍රීයව උපසිරැසි පෙන්වනු ඇති අතර ප්‍රොජෙක්ටර 21:9 සඳහා සහය දක්වයි.

8.User login track කිරීමට මුරපද යෙදුමක්.

පසුගිය සතියේ කටකතා පැතිර ගිය පරිදි, Apple විසින් නව මුරපද යෙදුමක් develop කරන අතර එමඟින් විවිධ උපාංගවල login details නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි. LastPass සහ 1Password වැනි අනෙකුත් මුරපද manage apps හා සමානව මුරපද generate කිරීමට සහ ගබඩා කිරීමට මෙම යෙදුම ඉඩ සලසයි. මෙම මුරපද යෙදුම iOS, iPadOS, macOS, visionOS, සහ Windows මත පවා ලබා ගත හැක.

9.iPadOS 18 සදහා Apple Pencil සහය ඇති Calculator app එකක්.

iPad නිකුත් වී දශකයකට වැඩි කාලයකට පසුව අවසානයේ කැල්කියුලේටර යෙදුමක් ලබා දීමට Apple සූදානම් වේ. එය iPad මත සමීකරණ ලිවීමට Apple Pencil භාවිතා කිරීමට ඉඩ සලසන Math Notes නම් නව විශේෂාංගයක් සමඟින් පැමිණේ.

Apple විසින් Smart Script නම් විශේෂාංගයක් ද දියත් කිරීමට සූදානම් වන අතර, එය අත් අකුරු වල පෙනුම වැඩිදියුණු කිරීමට සහ සටහන් අක්ෂර වින්‍යාසය පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

10.macOS 15 හරහා iPhone screen එක mac screen එකට mirror කිරීමේ හැකියාව.

Apple හි මීළඟ macOS යාවත්කාලීන කිරීම හරහා Mac මත iPhone screen එක mirror කිරීමට ඉඩ සලසයි. Mac Screen එක තුලින් සෘජුවම iPhone එක සමඟ අන්තර් ක්‍රියා කිරීමට හැකි වනු ඇත. Notifications බැලීමට සහ ජංගම උපාංගයේ sound control කිරීම වැනි බොහෝ දෑවලට එය ඉඩ සලසයි.

11.Apple watchOS 11 හි widgets.

අවශ්‍ය විටදී ස්වයංක්‍රීයව widgets එක් කරන නව හැකියාවක් ඇතුළුව, watchOS 11 වෙත නව විශේෂාංග රැසක් පැමිණේ. Apple විසින් නව Vitals යෙදුමක් දියත් කරන අතර එය නව cycle tracking විශේෂාංග, Live activity සහ ව්‍යායාම් අතරතුර වෙනත් අයකුට වුවද සෞඛ්‍ය නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.

12.visionOS 2 upgrade.

Apple විසින් visionOS 2 නිවේදනය කර ඇත.Vision Pro වෙත පැමිණෙන නව විශේෂාංගවලින් එකක් ලෙස දැනට පවතින image එකකට 3d පෙනුමක් ගෙන ඒම හදුන්වන්න පුළුවන්. visionOS2 යාවත්කාලීන කිරීම මගින් ultrawide virtual Mac සංදර්ශකයක් සඳහා intuitive gestures සහ travel mode හඳුන්වා දෙනු ඇත.

චීනය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවලට Vision Pro ගෙන ඒමට Apple සමාගම සැලසුම් කරයි .

13.මීළඟ AirPods Pro යාවත්කාලීන කිරීම.

Apple සිය මීළඟ AirPods Pro මෘදුකාංග යාවත්කාලීන කිරීමේදී Siri Interactions දියත් කරයි, එහිදී Siri ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට හිස ඔව් හෝ නැත ලෙස සෙලවීම තුළින් ප්‍රතිචාර දැක්විය හැක. Airpod pro හි හඬේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට සහ පසුබිම් ශබ්දය අඩු කිරීමට Voice Isolation අන්තර්ගත කර ඇත.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara