Realme XT ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී පුපුරා යයි

Realme XT ජංගම දුරකතනයක් භාවිතා කරමින් සිටියදී පුපුරා යයි

ගෙවි යන මේ වසර තුල ජංගම දුරකථන පුපරා යාම් හා ගිනි ගැනිම් රැසක් වාර්තා විම සිදු වුවා. වසර අවසාන විමට පෙර ඉන්දියාවෙන් තවත් එක ජංගම දුරකථන පිපිරිමක් වාර්තා වෙනු ලබනවා. ඒ Realme සමාගමේ ජංගම දුරකථනයකුයි.

මෙලෙස පුපුරා යාමට ලක්ව ඇත්තේ Realme XT ජංගම දුරකථනයක් වෙන අතර භාවිත කරමින් සිටින අතර තුර මෙය පිපිරිමට ලක් වි තිබෙනවා. කෙසේ වෙතත් පිපිරිමෙන් කිසිවෙකුට හානියක් සිදු වි නොමැති අතර ජංගම දුරකථනයට දැඩි හානි සිදු වි ඇති බව ජංගම දුරකථන හිමිකරැගේ මිතුරෙකු විසින් පළ කරන ලද Twitter සටහන ඔස්සේ දැක ගන්න පුළුවන්.

එම ඡායාරූපවලට අනුව ජංගම දුරකථයේ සැහෙන ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබෙන අතර මෙය ජංගම දුරකථනයේ බැටරිය පුපුරා යාම නිසා සිදු වි ඇති බව උපකල්පනය කළ හැකි වෙනවා.

Realme සමාගම විසින් මේ පිළිබඳ මේ වෙන විටත් ප්‍රතිචාර දක්වා ඇති අතර මේ පිළිබඳ කටයුතු කිරිම ආරම්භ කිරිමට සුදානමින් පසුවෙන බවත් දන්වා තිබෙනවා.


“We would like to inform you that we have already contacted the person and also we have asked him to visit the nearest authorized service center. Please be assured, we will try our best to resolve his concern as soon as he visits us”.

කෙසේ වෙතත් මෙලෙස පුපුරා යාමට හේතු පිළිබඳ ජංගම දුරකථනයේ හිමිකරැවත් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැකි අතර බොහෝ විට මෙය බැටරියේ සිදු වු යම් ගැටලුවක් නිසා සිදු වුවක් යැයි උපකල්පනය කරන්න පුළුවන්.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara