Realme සමාගමේ ප්‍රථම In-Display Selfie Camera එකක් සහිත ජංගම දුරකතනයේ design එක patent එකක් හරහා තොරතුරු වාර්තා ​වේ

Realme සමාගමේ ප්‍රථම In-Display Selfie Camera එකක් සහිත ජංගම දුරකතනයේ design එක patent එකක් හරහා තොරතුරු වාර්තා ​වේ
මේ පසුගිය සැප්තැම්බර් මාසයේදී, Realme සමාගමේ Xu Qi Chase විසින් පළ කරන ලද හඳුනානොගත් ස්මාර්ට් ජංගම දුරකතනයක රූපයකි. එහි සෙල්ෆි කැමරාව සඳහා Notch හෝ Punch whole එකක් නොමැත.

ZTE Axon 20 5G ලොව ප්‍රථම in Display Selfie cam එකක් සහිත Smart Phone එක ලෙස පසුගිය වසරේ එළිදැක්වූ අතර පසුව Samsung සහ Xiaomi විසින් නිපදවන ලද Galaxy Z Fold3 5G සහ Xiaomi Mix 4 එම In Display Selfie Cam සහිත දුරකථන කාණ්ඩයට ඇතුළත් විය.

තවත් Smart Phone නිෂ්පාදකයෙකු වන Realme සමාගම දැනටමත් තම ප්‍රථම In-Display Selfie Camera එක සහිත Smart Phone එක එළිදැක්වීමට කටයුතු කරමින් සිටී. Realme සමාගම දැන් ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ගොනු කර ඇති අතර ඒ සඳහා යොමු කරන ලද ඡායාරුපවල සෙල්ෆි කැමරාව සඳහා Notch එකක් නොමැත. එයින් අදහස් කරන්නේ In-Display Selfie Camera එක සහිත Realme හි පළමු දුරකථනය මෙය විය හැකි බවයි.

දැන් ඔබ සිතනවා ඇති මෙහි Pop Up Selfie Cam එකක් අඩංගු විය හැකි බව, නමුත් මීට පෙර Realme සමාගමේ උබ සභාපති Xu Qi Chase විසින් තමන්ගේ Smart Phone සඳහා කිසිඳු ලෙසකින් Pop Up Selfie Cam අඩංගු නොවන බව සඳහන් කළා.

ඉතින්, මේ පින්තූරවල ඇති Realme Device එකට නියත වශයෙන්ම In Display Selfie Cam එකක් ඇති බව පැහැදිලි වේ.

මෙම ඡායාරූපවලින් තවදුරටත් හෙළි වන්නේ දුරකථනයේ පිටුපස Sensors තුනක සෘජුකෝණාස්‍රාකාර කැමරා Module එකක් සහ LED Flash Light එකක් ඇති බවයි. Notch හා Punch hall ඉවත් කිරීම මඟින් වැඩි Screen Aspect Ratio එකක් අතර, එහි දකුණු පැත්තේ Power Button එක සහ වම් පසින් Volume Buttons ඇත. පහළ කොටසෙහි USB Type-C port එකක් සහ sim tray එක සඳහා Cutouts ඇත. එහි 3.5mm Headphone Jack සඳහා port එකක් නොමැත.

Realme සමාගම හැරුණු විට, තවත් Honor, Oppo සහ Vivo වැනි සමාගම් ස්මාර්ට්ෆෝන් සඳහා In Display Selfie කැමරා තාක්‍ෂණය යොදා ගැනීම පිළිබඳ කටයුතු කරමින් සිටින බව බොහෝ මූලාශ්‍ර මඟින් සොයාගත හැකි වේ.

Source - GSM Arena, The Mobile Hunt

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara