Realme C11 (RMX2185) ගැන තොරතුරු හෙලිවේ

Realme C11 (RMX2185) ගැන තොරතුරු හෙලිවේ

Realme C11 නමින් device එකක් release කිරන්න Realme සමාගම කටයුතු කරලා තියෙනවා. තායිලන්තයේ NBTC (National Broadcasting and Telecommunications Commission) කියන certification website එක හරහා RMX2185 කියන code name එක යටතෙ තමා මේ device එක appear වෙලා තියෙන්නේ.

NBTC එකට අමතරව RMX2185 කියන model number එක යටතේ මේ device එක SIRIM, EEC සහ TKDN කියන sites වලත් appear වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ device එකේ specifications ගැන තවම සඳහනක් නෑ.

දැන් අපි දන්න කාරණයක් තමා මේ device එක release වෙන්නෙ Realme ලගෙ budget series එකක් වෙන "C series” එක යටතේ කියලා. ඉතින් මේ device එකෙන් high end specifications නම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් ඔවුන් MediaTek Helio කියන chipset එක මේ device එකට use කරයි කියල හිතන්න පුලුවන්. ඒ වගේම මේ device එක Android 10 මත base උනු Realme UI එකෙන් release කරයි කියල මේ වෙද්දි මත පලවෙනවා.

මේ article එක ලියන මොහොතෙදි Realme ලා මේ device එක ගැන tease කරල නැතත් certification websites හරහා appear උනු නිසා නුදුරු අනාගතයේදී ම මේ device එක launch කිරීමේ වැඩි possibility එකක් තියෙනවා.

මෑතකදි Narzo series එක release කරපු නිසා මේ අලුත් device එක ඉන්දියාවේ launch කරයිද කියල තාම තොරතුරක් නෑ. ඒත් මේ device එක ඉන්දියාවට ආවොත් බොහෝ විට price එක ඉන්දියානු රුපියල් 10,000 ට වඩා අඩු වේවි කියල expect කරන්න පුලුවන්.

ඉතින් මේ කාලයේ අනිත් හැම smartphone එකක වගේම මේකෙත් තව ඉස්සරහට ගොඩක් leaks ලැබෙයි. ඒවා ගැන විස්තර ඉදිරියේදී අරන් එන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්න. රැඳිලා ඉන්න ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ එක්ක.

Source: NBTC  

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara