ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී සහ සවිස්තරාත්මක දුම්රිය කාලසටහන සමඟි​න් RDMNS.LK App එකේ නවතම සංස්කරණය නිකුත් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී සහ සවිස්තරාත්මක දුම්රිය කාලසටහන සමඟි​න් RDMNS.LK App එකේ නවතම සංස්කරණය නිකුත් වේ

ඔබට මතක ඇති මීට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දුම්රිය මගී සමුහයක් විසින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාව තුල ධාවනය වන දුම්රියන්ගේ සජීව තොරතුරු ලබා ගත හැකි RDMNS App එක පිළිබඳ අප තොරතුරු ගෙන ආවා.

Android සහ iOS පරිශීලකයන් සදහා නිකුත් කර ඇති මේ App එක ඔස්සේ මේ වෙන විට දුම්රිය ප්‍රමාදයන් හා වෙනස් වීම් පිළිබඳ තොරතුරු, දුම්රිය මගීන්ට වැදගත් වෙන තොරතුරු, සජීවි දුම්රිය රේඩාර් පද්ධති පහසුකම, දුම්රිය කාල සටහන සහ දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳ වෙනත් තොරතුරු රාශියක් ලබා ගත හැකි වෙනවා.

එමෙන්ම ඔවුන් විසින් දුම්රිය එදිනෙදා ගමන් කරන ඔබටත් සජීවි දුම්රිය රේඩාර් පද්ධති පහසුකම සදහා තොරතුරු සැපයිමේ හැකියාව ලබා දි තිබෙන බවත් අප එම ලිපියේදීම වාර්තා කරනු ලැබුවා.

මේ RDMNS App එක සදහා එකතු කරන නවතම අංගයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී අංග සම්පූර්ණ දුම්රිය කාලසටහනක් අද දින සිට ලබා දීමට මෙහි සංවර්ධකයින් සුදානමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී දුම්රිය කාලසටහන - Beta Version 1.0

ඒ අනුව එහි පළමු අදියරේදී පහත සඳහන් සියලු සේවාවන් සමගින් සජීවී අංග සම්පූර්ණ දුම්රිය කාලසටහනක් වෙත පරිශීලක ඔබට පිවිසිය හැකි වනවා. ( මේ වන විට සියලුම RDMNS පරිශීලකයන් සදහා Beta Version 1.0 සංස්කරණය භාවිත කළ හැකි වනවා )

• දුම්රිය ස්ථාන දෙකක් අතර Search කිරීමේ හැකියාව,
• සජීවී දුම්රිය ප්‍රමාදයන්,
• අවසන් වරට ලැබුණු Update එක,
• අපේක්ෂිත ලඟාවීමේ වේලාව (මෙය දුම්රිය කාලසටහන , දුම්රිය ප්‍රමාදය හා සසඳා ගණනය කර පෙන්වන අතර ඇතැම් හේතූන් මත මිනිත්තු කිහිපයක වෙනස් කම් සිදුවිය හැක)
• දුම්රිය ස්ථානයක් තෝරා එහි කාල සටහන නැරඹීම.

එමෙන්ම ඉදිරියේදී තවත් පහසුකම්වලින් මේ RDMNS App එක බලගැන්විමට නියමිත වනවා. තවමත් දුම්රියන් පිළිබඳ සජීවිව තොරතුරු ලබා ගත හැකි ලංකාවේ එකම App එක ඔබ ලබා ගෙන නොමැති නම් මේ නව Update එක සහිත RDMNS App එක දැන් ඔබගේ Google Play Store හෝ Apple Store එකෙන් ලබා ගත හැකියි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara