ජනප්‍රිය රැප් ගායකයෙකු වන AKON විසින් දෙවන අප්‍රිකානු Crypto නගරය උගන්ඩාවේ ඉදිකිරීමට සූදානම් වේ

ජනප්‍රිය රැප් ගායකයෙකු වන AKON විසින් දෙවන අප්‍රිකානු Crypto නගරය උගන්ඩාවේ ඉදිකිරීමට සූදානම් වේ

ඇමරිකානු Rap ගායකයෙකු හා ව්‍යාපාරිකයෙකු වන Akon මේ වන විට නැගෙනහිර අප්‍රිකාවට අයත් උගන්ඩාවෙහි තවත් ගුප්ත නගරයක් (Crypto City) ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටී. පසුගිය දිනකදී එරට රජය මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් වෙන් කරන බව නිවේදනය කර ඇත. වාර්තා වන ආකාරයට මෙම Akon නගරය, London නගරයෙන් හරි අඩක් (භාගයක්) පමණ වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු කිසිවක් Akon හෝ උගන්ඩා රජය විසින් ලබාදී නොමැත.

Akon Crypto City

මේ සම්බන්ධව Akon ප්‍රකාශ කර සිටින්නේ මෙම Crypto නගරය වැඩි ආයෝජනයක් ලබා ගැනීමට උපකාරී වන අතරම උගන්ඩාවෙහි නව රැකියා උත්පාදනය කරන බවයි. Akon ට අනූව මෙම නගරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට වසර 15ක් පමණ ගත වේ. ඒ අනූව 2036 වසර වන විට Akon ගේ Crypto නගරය ඉදිකර අවසන් වනු ඇත.

උගන්ඩාවේ පමණක් නොව, Senegal හි විශාල Encrypted (සංකේතාත්මක) නගරයක් ආරම්භ කිරීම සඳහා Akon ඩොලර් බිලියන 6ක් වියදම් කොට ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 2000ක පමණ භූමි ප්‍රමාණයක් වෙන් කර තිබේ. එමෙන්ම අනාගතයේදී ඉදිවන මෙම නගර 2 සඳහා Akoin භාවිතා කරනු ඇත. Akoin යනු Stellar Blockchain මත පදනම් වූ Cryptocurrency ය.

Akoin

මාධ්‍ය හමුවේදී Akon ප්‍රකාශ කර ඇත්තේ

“උගන්ඩාවේ මම නොදැන සිටි බොහෝ දේ තිබේ. උගන්ඩාව කෙතරම් සුන්දරද යන්න ජනතාව තේරුම් ගැනීම මට අවශ්‍යය. හොඳම ක්‍රමය මගේ නගරය මෙහි තැනීමයි"

යනුවෙනි..

මේ ආකාරයට අප්‍රිකානු රටවල් දෙකක ඉදිවන නගරයන්ට අමතරව මීට පෙර කෙන්යාවේ ඉදිකෙරුණු මහා පරිමාණ වෛද්‍ය තාක්‍ෂණ නගරයක් වන "Mwale" සඳහා "Akoin" යොදවා ඇත. මේ සඳහා ඩොලර් බිලියන 2ක් පමණ වියදම් වී තිබේ. මේ වන විටත් මේ නගරයෙහි සේවක වැටුප් හා දෛනික ගෙවීම් සඳහා සම්පූර්ණයෙන්ම යොදවනු ලබන්නේ Akoin ය.

එමෙන්ම මේ වන විටත් Akoin කණ්ඩායම AKN Debit කාඩ්පත නිකුත් කර ඇති අතර මෙම කාඩ්පත් හිමියන්ට, අන්තර්ජාලය සමගින් ගණුදෙනු කරන වෙළඳුන් මිලියන 40ක් සමග Akoin වියදම් කිරීමට ඉඩ සලසයි.

Akoin නිළ වශයෙන් නිකුත් කරන ලද්දේ ගිය වසරේ නොවැම්බර් 11 වන දිනයේදීය. මේ වන විට පරිශීලකයින්ට ඔවුන්ගේ පළමු AKN ටෝකනයන් ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැක. Akoin නිර්මාණය කළේද ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම ධානපතියෙකු වන Akon විසිනි. මෙම Cryptocurrency එක දැනට ගෝලීය Crypto හුවමාරුවක වෙළඳාම් කරමින් සිටී.

මෙම Cryptocurrency එක Akon ගේ Smart නගරයන්හි මූලික පියවරකි. එමෙන්ම යම් කෙනෙකුට Akon ගේ Smart නගරයන් හා සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ නම් ඔහු Akoin භාවිතා කළ යුතුය. කෙසේ වෙතත් මේ වන විට එහි ආයෝජනයන් සම්බන්ධ ආරක්ෂාව ඉහළ මට්ටමක නොමැත. නමුත් ඉදිරි කාලයේදී මෙය සැලකිය යුතු පරිදි වෙනස් වනු ඇත.

Source : GizChina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna