iPhone එක Slow වෙලානම් කරන්න ඕන දේ - RAM Management in iPhone

iPhone එක Slow වෙලානම් කරන්න ඕන දේ - RAM Management in iPhone

දැනට Apple AppStore හි ඇති සියලුම Apps පාහේ Automatic Reference Counting [ARC] කියන Memory Management Mechanism එක පාවිච්චි කරනවා. මෙහිදී සිදු වන්නේ යම් Application එකක බාවිතා නොවන Memory Objects [Variables, Class Object] වගේ දේවල් RAM එකේ තියෙනවානම් එවා ඉවත් කිරීමයි. iPhone එක වෙලද පොලේ ඇති අනිත් smartphones වලට වඩා අඩු RAM එකකින් තමයි එන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ARC සහ Optimization කියන එක.

App එකක Memory Usage එක

කොහොම නමුත් ප්‍රමාණයෙන් විශාල Apps කිහිපයක් එකවර run කිරීමේදී Background එකේ තියෙන App එක Restart වෙන අවස්තා වලට ඔබත් මුහුණ දීලා ඇතී.

ඉතිං මේ විදියට Apps සහ Phone එක Slow Down වෙලානම් මේ ක්‍රමය පාවිච්චි කරලා RAM එක Clean කර ගන්න පුලුවන්.

මුලින්ම යන්න Settings —> Accessibility—> Touch —> Assistive Touch —> Enable

මේක ON කරාට පස්සේ Assistive Touch Handler එක Screen එකේ බලා ගන්න පුලුවන්.

මීලගට

Settings —> General —> Shutdown

මෙහිදී Shutdown Confirmation එක Prompt වන අතර එම Screen එකේදීම Assistive Touch Handler එක Press කර Home Icon එක තත්පර 5ක් පමන hold කරගෙන ඉන්න. නිවැරදිව RAM එක Clean වුනානම් නැවත Lock Screen password එක prompt වනු ඇතී.

දැන් නැවත පෙර සදහන් කල Assistive Touch option එක Turn Off කරන්න.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara