එදිනෙදා දුම්රිය භාවිත කරන ඔබගේ ජංගම දුරකථනයේ තිබිය යුතුම Apps

එදිනෙදා දුම්රිය භාවිත කරන ඔබගේ ජංගම දුරකථනයේ තිබිය යුතුම Apps

වර්තමානයේ එදිනෙදා ගමන් බිමන් යන්න පොදු ප්‍රවාහ සේවාවන් භාවිත කරන ඔබට අතිශය ප්‍රයෝජනවත් ⁣වන Apps කිහිපයක් ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. වර්තමානයේ වන විට ඇති තිබෙන ආර්ථික අර්බුදයත් සමග මේ වන විට දුම්රිය මගින් තම එදිනෙදා ප්‍රවාහන පහසුකම් සළසා ගැනිම සහ විනෝද චාරිකාවන් සදහාත් දුම්රිය යොදා ගැනිම මේ විට ජනප්‍රිය වී තිබෙනවා.

ඉතින් මෙහිදි දුම්රිය භාවිත කරන ඔබ මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ දුම්රියන් නියමිත වේලාවට ධාවනය නොවිමයි. එමෙන්ම තවත් සමහර අවස්ථාවල ඔබට දුම්රිය කාළසටහන පිළිබඳ තොරතුරු ලබා ගැනිමට ද අවශ්‍ය වන බව නිසකයි. මෙහිදි ඔබ බොහෝ විට භාවිත කරන්නේ දුම්රිය ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා ගෙන ඒ පිළිබඳ විමසිම හෝ අන්තර්ජාලය හරහා සොයා බැලිමයි. නමුත් දුරකථන ඇමතුම් ගැනිමේ දී ඇතිවන අපහසුතා සහ අන්තර්ජාල හරහා සොයා බැලිමේ දී ඔබට ඇති වන ගැටලු පිළිබඳ අමුතුවෙන් කිව යුතු නොමැති බව නිසකයි.

ඒ අනුව දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා ඔබට ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයක් සදහා විසදුමක් ලබා දෙන්න රජය මෙන්ම විවිධ සංවිධාන හරහා කටයුතු කර තිබෙන අතරම මෙම විසදුම් මේ වන විටත් සක්‍රීයව භාවිත වනවා. එම Apps ලෙස Railway Seat Reservation සහ RDMNS.LK Apps දෙක හදුන්වා දෙන්න පුලුවන්.


RDMNS App

Facebook සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන සමුහය විසින් ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යන මේ App එක මගින් දුම්රිය මගින්ට අවශ්‍ය තොරතුරු දැනගැනිමේ සහ තොරතුරු වාර්තා කිරීමේ සේවා රැසක් ලබා ගන්න පුලුවන්.

මේ App එක මගින් දුම්රිය ප්‍රමාදයන් සහ වෙනස් විම් පිළිබඳ තොරතුරු, සජීව දුම්රිය රේඩාර් පද්ධතිය, දුම්රිය කාළ සටහන, දුම්රිය සම්බන්ධ තොරතුරු, දුම්රිය ස්ථානවල තොරතුරු, දුම්රිය ප්‍රවේශපත්‍රවල මිල ගණන් සහ දුම්රිය පිළිබඳ වෙනත් වැදගත් තොරතුරු මෙන්ම නැති වු භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ඔබට ලබා ගත හැකි වනවා.

එමෙන්ම මේ App එකේ විශේෂාංග ලෙස දුම්රියන්ගේ තොරතුරු සජීවිව ලබා ගත හැකි විම (දුම්රිය දැන් පවතින ස්ථානය, දුම්රිය ඔබගේ දුම්රිය ස්ථානයට ලගා විමට නියමිත වේලාව) සහ එදිනෙදා යාවත්කාලීන වන සජිවි දුම්රිය කාළසටහන දක්වන්න පුලුවන්.

මේ වන විට මේ App එක ඔස්සේ ආසන වෙන් කිරිමේ තොරතුරු ලබා ගැනිමේ හැකියාවත් ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. ඒ ඔස්සේ ආසන වෙන් කිරීමේ තොරතුරු ලබාගැනීමේ පහසුකම මගින් ශ්‍රී ලංකාවේ ආසන වෙන් කිරීමේ පහසුකම් සහිත සියලුම දුම්රිය සේවා වල සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනිමේ හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ ප්‍රවේශපත් ගාස්තු, දුම්රිය මැදිරි තුලට පිවිස නැරඹීමේ හැකියාව, ඡායාරූප දර්ශන, ආසන වර්ග, ආසන අංක, දුම්රිය ආසන වෙන් කිරීම සඳහා උපදෙස් ආදී තවත් බොහෝ සේවාවන් රැසක් ලබා ගත හැකි වනවා.

RDMNS.LK App නමින් Google Play Store, Apple App Store, Huawei Smart Phone සදහාත් හදුන්වා දී ඇති මේ App එක පවත්වාගෙන යනු ලබන්නේ රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහයේ ඇඩ්මින් මඩුල්ල සහ සමාජිකයින් පිරිසක් විසිනුයි. එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔවුන්ගේ Facebook සමුහය වෙත පිවිස ලබා ගන්න පුලුවන්.


Sri Lanka Railways Reservation

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී තිබෙන මේ App මගින් ඔබට එදිනෙදා ධාවන වන ආසන වෙන් කළ හැකි දුම්රියන්වල ආසන මාර්ග ගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනිමේ හැකියාව පවතිනවා.

ඒ අනුව මේ App එක ඔස්සේ නැරඹුම් මැදිරියේ ආසන, පළමු පංතියේ වායුසමීකරණය කරන ලද ආසන, දෙවන සහ තුන්වන පංතිය දක්වා ආසන කලින් වෙන කරවා ගැනිමේ පහසුකම ලැබෙනවා. එක් පුද්ගලයකුට මේ ඔස්සේ එකවර ආසන 05ක් දක්වා ප්‍රමාණයක් වෙන කරවා ගත හැකි වනවා.

මෙලෙස වෙන් කරවා ගත් ප්‍රවේශපත්‍ර දුම්රිය ගමනට ප්‍රථම ප්‍රවේශපත්‍ර මුද්‍රණය කළ හැකි දුම්රිය ස්ථානයකින් මුද්‍රණය කර ගත යුතු අතරම එලෙස ප්‍රවේශපත්‍ර මුද්‍රණ කර ගැනිමේ පහසුකම තිබෙන දුම්රිය ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනිම සහ දුම්රිය කාළසටහන පිළිබඳවත් තොරතුරු මේ App එක ඔස්සේ ලබා ගත හැකි වනවා.

Railway Reservation ලෙසින් Google Play Store සදහා ලබා දී ඇති අතර තවමත් Apple App Store සදහා ලබා දී නොමැති වනවා. කෙසේ වුවත් ඔබට ඔබගේ ඕනැම Device එකකින් Railway Seat Reservation වෙබ් අඩවියට පිවිසිම ඔස්සේ ආසන වෙන් කරවා ගැනිමේ හැකියාව ලැබෙනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara