Qualcomm සමාගමේ ඩොලර් 1,500ක දුරකතනයට මාස තුනකි​න් security updates ලැබී නෑ

Qualcomm සමාගමේ ඩොලර් 1,500ක දුරකතනයට මාස තුනකි​න් security updates ලැබී නෑ

පසුගිය වසරේ ජුලි මාසයේදී පමණ Qualcomm සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම ජංගම දුරකථනය වෙන Snapdragon Insiders ජංගම දුරකථනය නිකුත් කිරිමට කටයුතු කරනු ලැබුවා. මෙය විසින් Premium Device එකක් ලෙස ඔවුන්ගේ Insider Program එකේ සමාජිකයින් සදහා පමණක් නිකුත් කිරිමටයි ඔවුන් කටයුතු කරනු ලැබුවේ. එමෙන්ම ඔවුන් විසින් Android 11 OS එකෙන් යුතුව නිකුත් කළ මේ Devices එක සදහා වසර 04ක් දක්වා Security Updates ලබා දෙන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වෙන විට වාර්තා වන ආකාරයට මේ Qualcomm Smart Phone එක සදහා අවසන් Update එක ලෙස January Security Patches Update එක ලැබි තිබෙන්නේ පසුගිය මාර්තු මාසයේදී පමණ වෙනවා. එමෙන්ම මේ දක්වා ඔවුන් මෙම Device එකට නියමිත පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයන්ට අදාල Security Patches ලබා දිමට හෝ ක්‍රියාත්මක වි නොමැති වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ ඔවුන්ගෙන් ලැබි ඇති පිළිිතුර ⁣වන්නේ මිලග Security Patche Update එක මේ මස 20 වෙනි දින නිකුත් කිරිමට සුදානම් බවත් ඉන් පසුව මාස දෙක - තුනකට වරක් Security Patches නිකුත් කිරිමට ඔවුන් බලාපොරොත්තු වෙන බවයි. එමෙන්ම තවමත් Android OS එකේ නවතම සංස්කරණය වෙන Android 12 ලබා දිම පිළිබඳ කිසිදු සදහනක් ඔවුන් විසින් සිදු කර නොමැති වෙනවා.

Source : Android Authority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna