Qualcomm Snapdragon 898 chipset එකේ පළමු Geekbench Score එක අන්තර්ජාලයට නිකුත් වේ

Qualcomm Snapdragon 898 chipset එකේ පළමු Geekbench Score එක අන්තර්ජාලයට නිකුත් වේ

Qualcomm Snapdragon 898(SM8450) කියන්නේ Snapdragon 800 Series එකේ ඊලගට නිකුත් වීමට නියමිත Flagship Chipset එකයි. මෙය Snapdragon 898 හෝ Snapdragon 895 ලෙස වෙළෙඳපොළට නිකුත්විය හැකි බව විශේෂයෙන් සදහන් කල යුතුයි. මේ Snapdragon 898 4nm Chipset එක Samsung සමාගම නිර්මාණය කරන බවට අපි ඔබට වෙත තොරතුරු ගෙන ආවා.

මේ Snapdragon 898 Chipset එකේ Geekbench Score එකක් මේ වෙන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර ඒ අනුව පෙර තිබූ Snapdragon 888 Chipset එකට වඩා 20% ක Performance වර්ධනයක් මේ Chipset එකේ දක්නට ලැබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස Geekbench Score නිකුත් වී තිබෙන්නේ Vivo V2102A නම් Vivo සමාගම විසින් ඉදිරියේදී නිකුත් කිරිමට නියමිත Flagship ජංගම දුරකතනය මගින් බව සදහන් කල යුතුයි.

මේ Geekbench Score එකට අනුව Snapdragon 898 Chipset එකට 720 ක Single-Core Score අගයක් හා 1919 ක Multi-Core Score අගයක් ලබා ගන්නට සමත් වි තිබෙනවා. මෙය Cores 8 කින්, 1.78GHz Base Clock අගයකින් හා Adreno 730 GPU එකකින් සමන්විත වෙනවා.

මේ Snapdragon 898 Chipset එක 2022 වර්ෂයේ මුල හෝ මේ වසර දෙසැම්බර් මාසයේදි පමණ නිල වශයෙන් නිකුත් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

Source- Gizmochina, Gsmarena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna