Huawei සමාගම Apple සමාගම මෙන්ම බලවත් බව Qualcomm සමාගමේ නව CEO ප්‍රකාශ කරයි

Huawei සමාගම Apple සමාගම මෙන්ම බලවත් බව Qualcomm සමාගමේ නව CEO ප්‍රකාශ කරයි

මෙම මස ආරම්භයේදීම Qualcomm හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිළ වශයෙන් වැඩ භාරගත් Cristiano Amon මහතා ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබේ. එහි වාර්තාවට අනූව චීන වෙළෙඳපොළෙහි Qualcomm Chips අලෙවිය විශාල හා ශක්තිමත් කරගැනීම මොවුන්ගේ අරමුණ වන අතර තවදුරටත් ආදායම් වර්ධනයක් අපේක්ෂා කරයි.

මෙහිදී Huawei සමාගම Android අතහැර යාම පිළිබඳවද මොහු සඳහන් කර තිබේ. මොහු පවසන්නේ Huawei සමාගම Android අතහැර යාම විශාල හිඩැසක් ඇතිකළ බවයි. ඊට අමතරව ඔහු මෙහිදී විශේෂයෙන් ගෙන හැර දක්වා ඇත්තේ Huawei සමාගම යනු Apple සමාගම මෙන්ම විශාල පාරිභෝගිකයන් පිරිසක් සිටින, එමෙන්ම Apple සමාගමට සම කලහැකි බලවත් සමාගමක් වන බවයි.

චීන වෙළෙඳපොළ තුළ ව්‍යාපාර කටයුතු කිරීම ගැන කතා කරන විට, Amon මහතා ගනුදෙනුකරුවන්ගේ කොන්ත්‍රාත් ස්වභාවය සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වලට ගරු කිරීම පිළිබඳව ප්‍රශංසා කර ඇත.  එමෙන්ම Qualcomm සමාගම Chips අලෙවියෙන් ලබාගත් ඩොලර් බිලියන 16.5 ක ආදායමෙන් ඩොලර් බිලියන 12.8 ක ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ ජංගම දුරකථන සඳහා නිකුත් කළ Chips හරහාය.  එම නිසා මෙය අතපසු කළ නොහැකි ප්‍රධාන ව්‍යාපාරයක් වන අතර එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව Cristiano Amon මහතා පවසයි.

මීට අමතරව සමහර විශ්ලේෂකයින් සඳහන් කරන්නේ Qualcomm හි වෙළඳනාමය පිළිබඳ දැනුවත්භාවය Intel සහ NVIDIA තරම් හොඳ තත්ත්වයක නොමැති බවයි.  එමෙන්ම Snapdragon චිප්ස් සඳහා නව සන්නාම උපාය මාර්ගයක් (Brand Strategy) සකස් කර ඇති බව Cristiano Amon මහතා ඉඟි ලබාදී තිබේ.

Source: GizChina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna