Asus සමාගම හා එක්ව නවතම gaming phone එකක් නිපදවීමට Qualcomm සමාගම කටයුතු කරයි

Asus සමාගම හා එක්ව නවතම gaming phone එකක් නිපදවීමට Qualcomm සමාගම කටයුතු කරයි

Qualcomm සමාගමේ Snapdragon chips යනු ලොව පුරා ප්‍රචලිත හොඳ කීර්තිනාමයක් සහිත SoC එකක් වන අතර Snapdragon chipset යෙදූ flagship වර්ගයේ Android smartphones මිලදී ගැනීමට Android ලෝලීන් බොහොමයක් කැමැත්ත දක්වයි. Samsung සමාගම නිපදවන ජංගම දුරකතන වලින් Exynos වර්ගයේ SoC යොදා නිපදවන ජංගම දුරකතන වලට වඩා Snapdragon වර්ගයේ SoC යොදා ජංගම දුරකතන වලට ඇති ඉල්ලුම වැඩි වීම මෙයට දැක්විය හැකි හොඳම උදාහරණයයි.

මේ වන විට Qualcomm සමාගම තම නිපදනවන නවතම Snapdragon 875 chipset එක මෙම වසරේ දෙසැම්බර් 01 වනදා නිකුත් කිරීමට සූදානම් වන බවද වාර්තා වනවා. මේ අතරේදී Digitimes වාර්තා කරන්නේ Qualcomm සමාගම විසින් තමන් විසින්ම නිපදවූ gaming smartphone එකක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් වන බවයි.

Qualcomm සමාගම විසින් තම නවතම gaming phone එක නිපදවීම සඳහා Asus සමාගම සමඟ ගිවිසුමකට එළඹ ඇති බව එම වාර්තාවේ සඳහන් වන අතර Qualcomm සමාගමේ ප්‍රථම gaming phone එක මෙම වසරේ අග එලිදැක්වීමට නියමිත බව තවදුරටත් එහි සඳහන්ව ඇත.

“Qualcomm reportedly will team up with Asustek Computer to develop and launch its own-brand gaming smartphones at the end of 2020 at the earliest, according to industry sources,”

මේ ආකාරයට වාර්තාවී ඇති Qualcomm සමාගමෙන් එළිදැක්වීම සඳහා සූදානම් වන gaming phone එක Snapdragon 875 chipset එක යොදා නිපදවන ප්‍රථම ජංගම දුරකතනය වනු ඇත. Snapdragon 875 නිපදවන Qualcomm සමාගම විසින්ම මෙය නිපදවන නිසා බොහෝ දුරට අනෙකුත් ජංගම දුරකතන වලට වඩා ඉහළ හැකියාවන් පෙනවනු ඇතයි මත පෙලවෙනවා.

Asus කියන්නේ ලෝකයේ ඉහළ පෙලේ gaming phone නිපදවන සමාගමක්. මේ වන විටත් ඔවුන්ගේ Asus ROG නමින් gaming phones series එකක් වෙළඳපලට නිකුත් කර ඇති නවතම ROG phone එක වන්නේ Asus Rog Phone 3 නම් ජංගම දුරකතනයයි.

ජංගම දුරකතන වලට chipset නිපදවන සමාගම් අතර ඉදිරියෙන්ම සිටින Qualcomm සමාගමේ හා gaming phones නිපදවීමේ ප්‍රවීණයෙකු වන Asus සමාගමේ එකතු වීම මෙවර පෙර නොවූ විරූ ආකාරයේ gaming phone එකක් නිපදවනු ඇතැයි විශ්ලේෂකයන් විසින් මත පල කරනවා.

මෙම වසරේ දෙසැම්බර් මාසයේ 01 වෙනිදා Qualcomm සමාගම විසින් තම නවතම Snapdragon 875 chipset එක Snapdragon Tech Summit 2020හිදී හඳුන්වා දීමට සූදානම්ව සිටින අතර එය virtual event ආකාරයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී බොහෝදුරට මෙම නවතම ජංගම දුරකතනය එලිදක්වනු ඇතැයි අප විශ්වාස කරන අතර updates සඳහා අප සමඟ රැඳී සිටින්න.

Sources: Gizmo China, DigiTimes

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara