දක්ෂිණ අධිවේගී මාර්ගය සදහා QR ක්‍රමයට මුදල් ගෙවිමේ හැකියාව ලබාදේ

දක්ෂිණ අධිවේගී මාර්ගය සදහා QR ක්‍රමයට මුදල් ගෙවිමේ හැකියාව ලබාදේ

මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අධිවේගී මාර්ගවල ගාස්තු QR කේත ඔස්සේ ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දිම සදහා අනුමැතිය ලබා දි තිබුණා. මෙහිදි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කළමනාකරණය කරනු ලබන අධිවේගී මාර්ගවල පවතිව අතින් මුදල් ගෙවීම් කවුන්ටර සඳහා LankaQR ක්‍රමවේදය ඔස්සේ QR කේත ක්‍රමවේදයෙන් මුදල් ගෙවිමේ හැකියාව ලබා දෙනු ලබනවා.

මෙහි සමාරම්භක උත්සවය අද දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදි පැවැත්වුණු අතර අද සිට දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිත කරන්නන් හට තමන්ගේ අධිවේගී මාර්ග සේවා ගාස්තු LankaQR සදහා සහය දක්වනු ලබන ඕනැම මුදල් ගෙවිමේ App එකකින් ගෙවිමේ හැකියාව පවතිනවා. Nations Trust බැංකුවේ සහය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙහිදි රියදුරන්ට තම ජංගම දුරකථනයේ භාවිත කරන LankaQR සදහා සහය දක්වනු ලබන මුදල් ගෙවිමේ App එකක් ඔස්සේ අදාල මුදල සටහන් කර අධිවේගි මාර්ගයේ මුදල් ගෙවන ස්ථානයේ පවතින QR කේතය Scan කිරිම හරහා තත්පර 10ක පමණ අඩු කාලයක් තුල අදාල මුදල මාර්ගගතව ( Online ) ගෙවා දැමිමේ හැකියාව ලැබෙනවා.

මෙලෙස අධිවේගී මාර්ගයේ ගාස්තු QR ක්‍රමවේදයෙන් ගෙවිමේ හැකියාව දැනට දක්ෂිණ අධිවේගී මාර්ගය තුල පමණක් ක්‍රියාත්මක වෙන අතර ඉදිරියේ එය ශ්‍රී ලංකාව තුල පවතින අනෙකුත් අධිවේගී මාර්ග සදහාත් ක්‍රියාත්මක කරනු ඇත.

මෙලෙස QR ක්‍රමවේදය ඔස්සේ මුදල් ගෙවිම මගින් මුදල් භාවිතය අවම විම, මුදල් ඔස්සේ පැතිරෙන කොවිඩ් වැනි ලෙඩරෝග පැතිරිම වැලැක්වීම, අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවන ස්ථානවල පවතින දැඩි රථවාහන තදබදය අවම විම ආදි ප්‍රතිලාභ මේ ඔස්සේ ලැබේ.

Source : Namal Rajapaksa

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna