අදින් පසු අවසන් ගමන් යන කටාර් හි Stadium 974

අදින් පසු අවසන් ගමන් යන කටාර් හි Stadium 974

පාපන්දු යනු සුවහසක් ලෝකවාසී ක්‍රීඩාලෝලීන්ගේ ජනප්‍රියතම ක්‍රීඩාව බව පාඨක ඔබ මෙන්ම මා ද හොඳින්ම දන්නා කරුණකි. එම පාපන්දු ක්‍රීඩාවේ වසර 4කට වරක් පැමිණෙන උත්කර්ෂවත්, ක්‍රීඩාශීලී හා ජවසම්පන්න තරඟාවලිය මේ වන විට කටාර් රාජ්‍යයේදී පැවැත්වේ. 2010 වසරේදී 2022 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාගත් කටාර් රාජ්‍ය ඒ සඳහා පෙර නොවූවිරූ අන්දමින් සූදානම් වූයේ ප්‍රේක්ෂකයන් හට මෙන්ම ලෝකවාසී සියල්ලන්ටම නැවුම් අත්දැකීම් සමුදායක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

එලෙස ආරම්භ වූ 2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා කටාර් රාජ්‍ය ඩොලර් බිලියන 220 ක පමණ ආයෝජනයක් සිදුකර තිබීම ප්‍රධාන කරුණකි. එමෙන්ම මේ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාංගන 8ක් ඉදිකිරීමටත් මොවුන් පියවර ගත්හ. මේ පිළිබඳව සහ තවත් FIFA 2022 හා සම්බන්ධ පාඨක ඔබ වෙත වැදගත් වන තාක්ෂණික කරුණු රැසක් මේ වන විටත් අප විසින් ලබා දී ඇත. ඒ පිළිබඳව දැනුවත් වීම සඳහා පහත සබැඳීන් වෙත යොමුවන්න.

මෙම ලිපිය රැගෙන එනු ලබන්නේ එලෙස නිර්මාණය කළ එක් ප්‍රධානතම ක්‍රීඩාංගනයක් වන Stadium 974 හි නික්මයාම පිළිබඳවයි.

Stadium 974 පිළිබඳව

Stadium 974 ක්‍රීඩාංගනය - www.voanews.com

මෙම ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ කටාර් රාජ්‍යයේ Ras Abu Aboud ප්‍රදේශයේ වන අතර 2017 වසරේදී Fenwick Iribarren නම් නිර්මාණ ශිල්පියා අතින් මෙම ක්‍රීඩාංගනයේ සැකැස්ම නිර්මාණය වී ඇත. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම සඳහා කන්ටේනර් බහාලුම් 974ක් යොදාගෙන තිබීමයි. මෙහි නම පවා Stadium 974 ලෙස හැඳින්වීම සඳහා මෙය ඉවහල් වී ඇති බවට වාර්තා වේ. එමෙන්ම කටාර් රාජ්‍යයේ දුරකථන කේතය වන්නේ ද 974 වේ.

මෙහි පවතින තරමක් වෙනස් වූ ආකෘතිය නිසාත් ඒ සඳහා වැය වූ ප්‍රාග්ධනයේ අවම ප්‍රමාණය යන කරණු ඔස්සේ ප්‍රේක්ෂකයන් තුළ මෙම ක්‍රීඩාංගනය සඳහා යම් උනන්දුව ඇතිවීම පෙර සිටම ආරම්භ විය. මෙහි ගොඩනැගීමේ කටයුතු 2017 වසරේ ඔක්තෝබර් මස පමණ ආරම්භ වූ අතර එය අවසන් වූයේ 2021 වසරේ නොවැම්බර් මස පමණ වන විට ය. මෙම ක්‍රීඩාංගනය තුළ ප්‍රේක්ෂකයන් 44,000 කට අධික ප්‍රමාණයක් සඳහා පහසුවෙන් අසුන්ගත හැකි වන අතර අනෙක් ක්‍රීඩාංගන මෙන්ම මේ සඳහා ද පහසුකම් සලසා තිබීම දක්නට ලැබෙන කරුණකි.

මෙම ක්‍රීඩාංගනය තුළ පැවති ප්‍රථම තරඟය ලෙස වාර්තා වන්නේ 2021 වසරේ නොවැම්බර් මස 30 වන දින පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සිරියාව අතර පැවති තරඟයයි.

අවසන් තරඟයෙන් පසු කුමක් සිදුවේ ද?

මෙම ක්‍රීඩාංගනය තුළ තරඟ 7ක් පැවැත්වීමට තීරණය කොට ඇති අතර එයින් අවසන් තරඟය වන බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවැත්වීමට නියමිතය. මෙම තරඟයෙන් අනතුරුව මෙම ක්‍රීඩාංගනය භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇති අතර එහිදී එය ඉදිකිරීම සඳහා යොදා ඇති අමුද්‍රව්‍ය සියල්ලම ඉවත් කරනු ලබන අතර එම කොටස් යටිතල පහසුකම් සඳහා වෙනත් රටවල් වලට සැපයීමට තීරණය කර ඇත.

මෙලෙස මෙම ක්‍රීඩාංගනය ඉවත් කිරීම පිළිබඳව Twitter සටහනක් තබා ඇති ආකාරය ඔබට පහතින් දිස්වේ.

කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන දිනයක් මේ වන තෙක් කටාර් බලධාරීන් විසින් නිවේදනය කර නොමැති අතර මෙම ක්‍රියාවලියේදී කොටස් පරිසර හානියකින් තොරව නැව්ගත කිරීමට අදහස් කර ඇති බවට ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Sources: www.voanews.com www.fifa.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara