නීති රීති වලට අනුකූලව පෞද්ගලික භාවිතාවට ජංගම දුරකතන ආනයනය කල හැකි ආකාරය TRCSL විසින් පැහැදිලි කරයි

නීති රීති වලට අනුකූලව පෞද්ගලික භාවිතාවට ජංගම දුරකතන ආනයනය කල හැකි ආකාරය TRCSL විසින් පැහැදිලි කරයි

මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ පළමු වනදා සිට ඔබ ලංකාව තුලදී SIM කාඩ්පත් භාවිත වන උපාංගයක් මිලදි ගැනිමට බලාපොරොත්තු වෙනවා නම් එය අනිවාර්යයෙන්ම TRCSL හි අනුමැතිය සහිත ලියාපදිංචි උපාංගයක් විය යුතු වන බවට නව නීති සම්පාදනය වූ බව අප විසින් මීට පෙර ඔබට වාර්තා කල බව ඔබට මතක ඇති.

ඒ අනුව එදින පටන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වන හෝ මිලදි ගෙන රැගෙන එන Devices සියල්ල TRCSL හි ලියාපදිංචි කල යුතු වෙනවා. මෙය TRCSL වෙබ් අඩවිය හරහා සිදු කරගත හැකි බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා. මෙලෙස TRCSL හි ලියාපදිංචි නොකරන Devices සදහා යොදන SIM කාඩ්පත් අදාල සේවා සපයන ආයතනය විසින්ම අවලංගු කිරිමට කටයුතු කරනු ඇත.

මේ නව නීති හඳුන්වා දීමත් සමඟම බොහෝ අයට මතුවූ ප්‍රශ්නයක් තමයි තමන්ගේ පෞද්ගලික භාවිතාවට දුරකතන භාවිතා කිරීමට සඳහා ආනයනය කරන හෝ වෙනත් රටක සිට රැගෙන එන ජංගම දුරකතන සඳහා මෙම TRCSL අනුමැතිය සහිතව ලියාපදිංචි කරගන්නේ කෙසේද යන්න. මේ සඳහා අනුගමනය කල යුතු පිලිවෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ආනයනය කිරීම හෝ රැගෙන ඒම කල හැක්කේ එක වරකට ජංගම දුරකතන 5ක් දක්වා පමණි.

ඊට පසුව එලෙස ගෙන එන්නා විසින් පහත දැක්වෙන ලිපි ලේඛන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දීම කල යුතු වනවා.

  1. ලියාපදිංචිය සඳහා වන ඉල්ලුම්පත්‍රය
  2. අදාල ජංගම දුරකතනය හෝ දුරකතන කිහිපය රැගෙන එන්නාගේ හෝ ආනයනකරුගේ නම සහ  ආනයනය හෝ රැගෙන එන ජංගම දුරකතන පැහැදිලිව සඳහන් වන Invoice/ Detention Receipt/ Air way Bill /Parcel Receipt වැනි ලියවිලි
  3. රැගෙන එන උපාංගයේ තාක්ෂණික පිරිවිතර
  4. ජාතික හැඳුනුම්පත/ගුවන් ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය යන තුනෙන් එකක් හෝ කිහිපයක ඡායා පිටපත්
  5. යම් හෙයකින් ආනයනකරි හෝ, රැගෙන එන්නා වෙනුවට ඔහු නියෝජනය කරමින් අනුමැතිය ලබා ගැනීමට යන අයෙක් වේ නම් දෙදෙනාගේම ජාතික හැඳුනුම්පත/ගුවන් ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය යන ලියවිලි වල පිටපත් සහ බලය පැවරීමේ ලිපිය

මෙම ලියවිලි ඉදිරිපත් කල පසු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අදාල ඉල්ලුම්පතට අදාලව කටයුතු සිදු කිරීම ආරම්භ කරන අතර එම උපාංග වලට අදාලව බදු අය වේනම් ඒ සඳහා වන බදු ඉන්වොයිසය පිලියෙල කර ඉල්ලුම් කරුට ලබා දීම සිදු කරයි. අයදුම් කරු හෝ අයදුම්කරුගේ බලයලත් නියෝජිතයා විසින් අදාල බදු මුදල ගෙවා පියවූ විට අදාල උපාංග සඳහා අනුමැතිය හිමිවේ.

ඉන් පසුව TRCSL ආයතය විසින් අයදුම්කරුගේ ආනයන අනුමත කරමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂක වෙත අදාල අයදුම් කරුගේ ආනයනය හෝ රැගෙන ඒම සම්බන්ධයෙන් විරෝධතාවයක් නොමැති බව දක්වමින් ලිපි දෙකක් නිකුත් කරයි.

ඉහත සඳහන් ආකාරයට අපගේ පෞද්ගලික පරිභෝජනය සහ විදේශගතව සිට පැමිණෙන විට රැගෙන එන ජංගම දුරකතන ලංකාව තුල භාවිතා කල හැකි ආකාරයට අනුමැතිය ලබා ගත හැක.

Source: TRCSL

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara